විදුලියේ රහස හෙට මැතිසබයට

ranjith_siyambalapitiyaවිදුලිය බිඳ වැටීම සම්බන්ධව සියලු තොරතුරු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් හෙට (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විදුලිය බිඳ වැටීම සම්බන්ධව පත්කළ අනුකමිටුව මේ වනවිට තෙවතාවක් රැස්වී ඇති අතර එහි අවසන් සමාලෝචන රැස්වීම ඊයේ (21) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්වුනි.

පුපුරාගිය බියගම හා කොටුගොඩ ට්‍රාන්ස්ෆෝමර් පරික්ෂාවට  පැමිණි ජපන් හා ජර්මන් විශේෂඥයන්ගේ වාර්තා ඉදිරි දින 2 ඇතුලත ලැබීමට නියමිතය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.