විදුලි ඉන්ජිනේරුවන්ගෙන් දේශපාලඥයන්ට දොස්

eleeeeදේශපාලඥයන්ගේ දූෂිත ක්‍රියා හේතුවෙන් විදුලි බල සැපයුමේ ප්‍රශ්න ඇති වී තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ අතුල වන්නිආරච්චි සභාපති කියා සිටී.

චීන ආධාර ඇතිව නිපද වූ නොරොච්චෝලේ බලාගාරයේ ස්වංක්‍රීය පාලන උපකරණ නිසි ලෙස පාලනය නොවීම හේතුවෙන් පසුගිය දා මුළු රටේම විදුලි බල සැපයුම ඇනහිටි බව අතුල වන්නිආරච්චි පැවසීය.

ජපානය, පුරා අවුරුදු 8ක් තිස්සේ ණය ලබා දීමට සුදානම් බවත් දේශපාලඥයන්ගේ උවමනාව මත චීනයෙන් ණය ලබා ගත බවයි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රකාශ කළේ.

අන්තවාදී පරිසර සංවිධාන වලට බයෙන් ආණ්ඩුව නිවැරදි තීන්දු ගැනීමට බිය වූ බවත් සභාපතිවරයා පැවසීය.

දැනට මෙගා වොට් 1200ක විදුලි බලාගාරයක් ආධාර ලබා දීමට ජපානය කැමැත්ත පළ කොට ඇති බවත් ඉන්දියාව විදුලි බලාගාරයක් තැනීම සඳහා ලබා දීමට යන ණය ප්රතික්ෂේප කොට ජපන් ආධාර ලබාගෙන තත්වයෙන් වඩාත් උසස් විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීම ආණ්ඩුවේ වගකීම බව අතුල වන්නිආරච්චි පැවසීය.

විදුලි බල මණ්ඩලය පෞද්ගලික අංශයට පැවරීමට තමන් ඉඩ නොදෙන බව ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

සුළං බලාගාර පිහිටුවීමටත් තමන් එරෙහි බව විදුලි බල ඉංජිනේරු සංගමය කියා සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.