විදේශ අමාත්‍යාංශ පරිපාලන නිලධාරියෙක් සේවිකාවන්ගෙන් ලිංගික අල්ලස් අරන්…

sexualවිදේශ කටයුතු අමාත්‍යාංශයේ සාමාන්‍ය පරිපාලනයට පත් කර ඇති විකෘති කාමයක් සහිත නිලධාරියෙක් නිසා විදේශ අමාත්‍යාංශයේ කාර්යාලීය සේවයේ යෙදෙන කාන්තාවන් දැඩි පීඩාවකට පත් වී ඇති ආකාරය පිළිබද ජනාධිපතිවරයා හා අගමැතිවරයාව දැනුවත් කිරීමට සේවිකාවන් පිරිසක් සැරසෙමින් සිටිති.
ලිංගික අල්ලස් මත තානාපති කාර්යාලවලට ලිපිකරු සහ සෙසු නිලධාරිණියන් පත් කරමින් සිටින මේ නිලධාරියා සම්බන්ධව නැගෙන විරෝධය පිපිරී යෑමට ආසන්න බව එම සේවිකාවෝ පෙන්වා දෙති. ස්වකීය ආත්ම ගෞරවය තුට්ටුවකට මායිම් නොකර මේ තැනැත්තා කරන නින්දිත යෝජනාවන් සම්බන්ධව මෙතෙක් හෙළි කිරීමට නොහැකි වූයේ ඔවුන් සතු බලය නිසා බව මේ සේවිකාවෝ කියති.
මංගල සමරවීර විසින් විදේශ කටයුතු අමාත්‍යංශයේ සාමාන්‍ය පරිපාලනයට පත් කර ඇති මේ තැනැත්තා ඔස්ටේ‍්‍රලියාවේ දී කරන ලද මුදල් වංචා නිසා අගමැති අණින් වහාම ලංකාවට ගෙන්වු අයෙකි. මොහුව ඉදිරියට දමාගෙන ඇමති මංගල සමරවීරගේ නිල නොවන මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරමින් සිටිනා පුද්ගලයාත් මේ කාන්තා අපහරණයේ යෙදෙන බවට චෝදනා එල්ල වී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.