විමල් ගේ ගෙදර මියගිය ළහිරු ගේ මරණය ගැන අලුත් සැකයක්…………

lahiru-1ළහිරු ජනිත් දිසානායක නමැති 24 හැවරිදි තරුණයාගේ මරණය සම්බන්ධයෙන් එම තරුණයාගේ ඥාතීහු සැක පළ කරති.

මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංස මහතා අතුළු අඹු දරුවන් වාසය කරන දකුණු හෝකන්දර මංගල මාවතේ අංක 71 දරන ස්ථානයේ පිහිටි නිවෙසේ සිටියදී  ළහිරු ජනිත් දිසානායක නමැති 24 හැවරිදි තරුණයා අබිරහස් ලෙස මියගොස් සිටි අතර මියගිය තරුණයාගේ මාමා කෙනකු වූ බී.එල්. දයාපාල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මීට මාස ගණනකට පෙර “පුතා” තරුණයාව සම්පූර්ණයෙන්ම වෛද්‍ය පරීක්‍ෂණයට යොමු කළ බවත් එහිදී පුතා නිරෝගී පුද්ගලයකු බවට වාර්තා වූ බවත්ය.

එම තරුණයාට මීට මාසයකට පමණ පෙර මුහුණ දුන් සිදුවීමක් පදනම් කරගෙන විමල් වීරවංසගේ නිවසට නොයන ලෙස තරුණයාගේ පවුලේ ඥාතීන් දැනුම් දී තිබුනද එය ගනන්නොගෙන ඔහු දිගින් දිගටම එහි යෑම් එම් කළ බවත් එම නිසා “අපට සිද්ධිය සැකයි. ඒත් මොනවා කරන්නද?” යැයි ඔහු මාධ්‍යෙවත ප්‍රකාශ කර ඇත.

මීට මාස ගණනකට පෙර විමල් වීරවංසගේ පුත්‍රයා ඇතුළු ඔහුගේ මිතුරන් තලංගම පොලිසියේ පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් මියගිය ජනිත් දිසානායක නමැති තම ඥාති පුත්‍රයාවද අත්අඩංගුවට ගෙන සිටි බවත් ඔහුට ඇප ලබා දුනනේ තමන්ගේ සහෝදරිය බවත් මියගිය තරුණයාගේ මාමා කෙනකු වූ බී.එල්. දයාපාල මහතා මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබේ.

එහි නඩුව තවමත් අවසන් නැති බවත් නඩුව කඩුවෙල අධිකරණයේ විභාගවෙමින් පවතින බවත් එහිදී ඔහු ප්‍රකාශ කර ඇත.

මියගිය තරුණයාගේ සිරුර පරීක්‍ෂා කිරීමේදී නාසයෙන් රුධිරය වහනය වීමත් මුඛයෙන් සෙම සහිත ශ්‍රාවයක් ගලායෑමත් සහ තවදුරටත් පරීක්‍ෂා කිරීමේදී බෙල්ල ප්‍රදේශයේ තැළීම් ස්වභාවයක් සහ දකුණු අතේ සිරීම් සහිත අස්වාභාවික පැල්ලමක් නිරීක්‍ෂණය වූ හෙයින් ජයවර්ධනපුර රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක ජී.ඩී. ගලගෙදර මහතා විසින් තලංගම පොලිසිය මගින් කඩුවෙල මහෙස්ත්‍රාත්වරයාව දැනුවත් කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.