විශ්‍රාම යද්දී සියල්ල හෙළි කරන්නම්-එය වැඩි ඈතක නොවේ. – සුසිල්

susiශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ, එජනිස නව මහලේකම් මහින්ද අමරවීර මහතා සිය ධූරයේ වැඩ භාර ගැනීමේ උත්සවය ඊයේ පැවැත්විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක හ මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ නමුත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සන්ධාන මන්ත්‍රීවරු කිසිවෙක් සහභ්හාගී වී නැත.

එහිදී එජනිස ය පසුගිය ජනාධිපතිවරණය හා මැතිවරණය පරාජය වීමට හේතු දේශපාලනයෙන් විශ්‍රාම යනවිට පවසන බවත් එම දිනය ඈතක නොවන බවත් එජනිස හිටපු මහලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති හා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුස්ල් ප්රෙමයජන්ත මහතා පැවසීය.

සෑම තීන්දුවක්ම පක්ෂ නායකත්වයේ කැමැත්ත මත ගත් බව ද හිටපු මහලේකම් නිසා මැතිවරණ 10ක් ජය ගැනීමට මෙන්ම පසුගිය් මැතිවරණයේ ආසන 95ක් දිනා ගත බවද සඳහන් කළේය.

කිසිවක් නොදන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන සන්ධානයේ එනත් පාර්ශව පිරිසක් තමන්ට නගන චෝදනා නිවැරදි කිරීමට උත්සහ කලානම් ගැටළු ඇතිවන නිසා නොදන්නා දේවල් පිලිබඳ ප්‍රසිද්ධියේ කතා නොකරන ලෙස ඉල්ලා සිටින බව ද කියා සිටියේය.

තව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ට උපසභාපති ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ හිටපු ජනපතිනිය සන්ධානය ආරම්භ කල අවස්ථාවේ සභාපතිධුරයට තමන්ව යෝජනා කල ද එය තමන්ට නොලැබුණු බවයි.

එමෙන්ම ඔහු සිනහසෙමින් තමන්ට සුදුසුකම් තිබුන ද තනතුරු නොලැබෙන අවාසනාවක් පවතින බව පැවසුවේය.

එජනිස නව මහලේකම් මහින්ද අමරවීර මහතා සන්ධානයේ සියලු පාර්ශව එක්කර පෙරට ගොස් ඊළඟ මැතිවරණයෙන් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම අරමුණ බව පැවසුවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.