ශ්‍රී පාදයට යාබද හොටලයේ ඉදිකිරීම් අත් හිටුවයි………

sripadayaශ්‍රී   පාද රක්ෂිතය යාබද මරේ දිය ඇල්ල අසළ ඉදිවෙනයේ සංචාරක හෝටලයේ වැඩකටයුතු වහම අත් හිටුවා ඇත. ගූගල් සිතියම අනුව කළ සොයාබැලීමකදි එම හෝටලය ශ්‍රී පාද මළුවේ සිට කිලෝමිටර් හයක් එපිටින් වු මරේ දියඇල්ල ආසන්නයේ පෞද්ගලික ඉඩමක  පිහිට ඇත.

සෞදි ආයෝජකයකු විසින් ඉඳිකිරීමට සැලසුම් කර ඇති මෙම හෝටලයට ඇමති ෆයිසර් මුස්තාපා මහතා ද සම්බන්ධ බවට සමාජ වෙබ් අඩවි වාර්තා කර තිබිණ. ඒ සම්බන්ධයෙන් කල විමසීමකදී  ඇමති ෆයිසර් මුස්තාපා මහතා පැවසුයේ එම ඉඩම සෞදියේ කුමාරයකු විසින් මිලදී ගත් පෞද්ගලික ඉඩමක් බවයි.

ශ්‍රී පාදස්ථානාධිපති සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසන්නේ, ශ්‍රී පාද map1පුදබිමට අයත් අක්කර 99 ක භූමිය තුළ කිසිදු සංචාරක හෝටලයක් හෝ නිවාඩු නිකේතනයක් ඉදිනොවන  නමුත් ශ්‍රී පාදස්ථානයට පහළින් ඇති ප්‍රදේශයක පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක සංචාරක නිකේතනයක් ඉදිකිරිම සඳහා අවසරගෙන ඉදිකිරීම් කිරීමට යන බවයි. උන්වහන්සේ, එම ඉඩම සහ ශ්‍රී පාදස්ථානය අතර කිසිදු සබඳතාවක් නැතැයි පෙන්වා දුන්හ.

“හැමතැනම සිරිපාදේ නෙවෙයි නේ, මම දෙන්නෙකුට තුන්දෙනෙකුට කිව්වා එහෙනම් මස්කෙළිය නගරයත් ප්‍රශ්නයක් නේ කියලා” යැයි පැවසූ අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමි මහසෝන් කල්ලිය නම් වූ පිරිසක් map2මෙම අසත්‍ය තොරතුරු පතුරුවා හරින බව කීහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.