ශ්‍රී ලංකන් ගුවන් නියමුවෙක් බීලා මාට්ටු…

Drunk2
කොළඹ සිට ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් බලා පසුගිය 19 වැනිදා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල් 554 ගුවන් යානයේ කපිතාන්වරයා වූ උපෙන්ද්‍ර රණවීර බීමත්ව සිට හසුවීම නිසා  ගුවන් යානය ශ්‍රී ලංකාවට පියාසර කිරීමට වෙනත් කපිතාන්වරයකු යොදා ගැනීමට ගුවන්සේවා සමාගමට සිදුවූ පුවතක් වාර්තා වේ.

ජර්මනියේ ෆැන්ක්ෆර්ට් බලාධාරීන්ගේ සහයද සහිතව කෙරුණු මේ පරීණයෙන් ඇනතුරුව කපිතාන් උපේන්ද්‍ර රණවීරගේ වැඩ තහනම් කර තිබේ. මේ පරීක්ෂණය සදහා ගුවන් යානය පැය 15 ප්‍රමාද කිරීමට සිදුවූ බවත් ඒ නිසා මගීනට හා ගුවන් තොටුපලට විශාල ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවූ බවත්  කියන ගුවන් සේවා සමාගම ගුවන් මගීන්ගේ ආරක්ෂාව සදහා ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව පැවසුවේය. සිදුවීම පිළිබද පූර්ණ පරීක්ෂණයක් කරන බව සමාගම කියයි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.