ශ්‍රී ලංකන් ගොඩගන්න ජැකොලින් අවිත්…

jacqueline2දිගින් දිගටම පාඩු ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය ගොඩ ගැනීම සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බොලිවුඩ් චිත්‍රපට නිලි ජැකොලින්  ෆර්ඩිනැන්ඩස්  සම්බන්ධ කරගැනීමට  එම ගුවන්සේවය කටයුතු කර තිබේ. ඇය ශ්‍රී ලංකන් ගුවන්සේවයට සම්බන්ධ වන්නේ එහි සන්නාම තානාපතිනිය වශයෙනි.

මේ සදහා වූ ගිවිසුම ඉකුත් දා ඉන්දියාවේ මුම්බායි නුවර දී දෙපාර්ශවය විසින්ම අත්සන් තබා තිබිණි.

ජැකොලින් හා ගිවිසුම්ගතවීමට පෙර  ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජර්මනියේ ෆ‍්‍රැන්ක්ෆර්ට් සහ ප‍්‍රංශයේ පැරිස් වෙත කෙරෙන ගුවන් මෙහෙයුම් නවතා දැමීමට තීරණය කර තිබිණි.   එසේ ගුවන් ගමන් නවතා දමන්නේ   එළඹෙන සීත ඍතුවේ සිටය.

ඒ අනුව ෆ‍්‍රැන්ක්ෆර්ට් වෙත ගුවන් මෙහෙයුම් ලබන ඔක්තෝම්බර් 30 වනදා සිටද පැරිස් වෙත ගුවන් මෙහෙයුම් ලබන නොවැම්බර් 6 වනදා සිටද නවතා දමන බවයි ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය නිවේදනය කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.