ශ්‍රී ලංකාවේ ණය බර අභිරහසක්-චම්පික රණවක අනතුරු ඇඟවීම තහවුරු වේ

debt-crisisශ්‍රී ලංකාවේ ණය අර්බුදයේ බැරෑරුම් බව හෙළිදරව් කරන ජාත්‍යන්තර ෆෝර්බ්ස් සඟරාව කියා සිටින්නේ රටේ ණය අර්බුදයේ ප්‍රමාණය පිළිබඳව කිසිවෙකුත් නොදන්නා බව ය. ඉමර්ජින් මාර්කට්ස් ඉන් ඒෂියා ග්‍රන්ථයේ කතෘ වේඩ් ෂෙපර්ට් සම්පාදනය කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ණය බර අමෙරිකානු ඩොලර් බිලියන 64.9 කි. ඉන් ඩොලර් බිලියන 8ක් චීනයට ගෙවිය යුතු වේ. මෙම වාර්තාවට අනුව රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 75 %ක් ණය සඳහා යෙදවේ.

රටේ ආදායමෙන් 95.4 % ක් වෙන් වන්නේ ද ණය ගෙවීමට ය. රාජ්‍ය දේපළ රාජ්‍ය දේපළ අවභාවිත කර ණය ලබා ගැනීම හේතුවෙන් ණය නිසියාකරව තක්සේරු කරගැනීම අසීරු වී ඇති බව පාඨලී චම්පික රණවක ජනාධිපතිවරණ වේදිකාවේදී පැවසීය. ආණ්ඩුවේ ආයතන වෙනවෙනම ණය ගත් අවස්ථා වර්තාවී ඇත මේ නිසා සමස්ත ණය ගණනය කර ගැනීම දුෂ්කර වී ඇත ණය ලබා ගැනීම් වැඩි වශයෙන් භාවිත කර ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ඉදිකෙරුණු අධික වියදම් සහිත විශාල ප්‍රමාණයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ය. එහි දැක්වෙන්නේ 2009 සහ 2014 යන කාලය අතරතුර රජයේ මුළු ණය ප්‍රමාණය තෙගුණයක් වි ඇති අතර බාහිර ණය දෙගුණයක් බවට පත් වී ඇත්තේ ලෝකයේ හුදකලාම ගුවන් තොටුපොළ වැනි අධික වියදම් සහිත නිෂ්ඵල ව්‍යාපෘති සඳහා මුදල් වැය කිරීම නිසා බව ය.

අධිවේගී මාර්ග සහ ඩොලර් මිලියන 42 ක වියදමින් හම්බන්තොට වරායේ භූගත ගලක් ඉවත් කිරීම වැනි දෑ කිරීමේ හේතුවෙන් මේ වර්ෂයේ පමණක් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 4.5 ක් ගෙවිය යුතු අතර ලබන වසරේ ඩොලර් බිලියන තවත් 4ක් ගෙවිය යුතු ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.