ශ්‍රී ලංකා මහකොමසාරිස්ට පහර දීම මහින්දගේ කුමන්ත්‍රණයක්… අජිත් මාන්නප්පෙරුම කියයි…

Ajith Mමැලේසියාවේ දී මහින්ද රාජපක්ෂට එරෙහිව දෙමළ ඩයස් පෝරාව විසින් පවත්වන ලද උද්ඝෝෂණත්,  ක්වාලාලම්පූර් ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා මහකොමසාරිස්ට කළ පහරදීමත් මහින් රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ සැලසුම් සහගත කූට කුමන්ත්‍රණයක් බව ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම කියයි. ඔහුට අනුව මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඊබ්‍රාහීම් අන්සාර් ගුටි කන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ සැලසුමකට අනුවය.

අජිත් මාන්නප්පෙරුම පවසන පරිදි මේ උද්ඝෝෂණ හා විරෝධතා දීර්ඝ කාලීන සංවාදයක හා සැලසුමක ප්‍රතිඵලයකි. යළි බලයට ඒම සදහා ප්‍රමිතිගත නොවන ඕනෑම ක්‍රියාවකට එළඹෙන්නට සූදානම් මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් මේ සැලසුම යොදාගෙන ඇත්තේ මැලේසියාවේ පැවති ආසියානු දේශපාලන පක්ෂ සම්බන්ධවන ජාත්‍යාන්තර සම්මන්ත්‍රණය අවසනායේ ජාත්‍යන්තර ප්‍රචාරණයක් හා දැවැන්ත අනුකම්පාවක් දිනාගෙන යළි රටට පැමිණීම සදහා බව අජිත් මාන්නප්පෙරුම කියන්නේය.

මේ අතර මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඊබ්‍රාහීම් අන්සාර්ට ක්වාලාලම්පූර් ජාත්‍යාන්තර ගුවන්තොටුපලේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මැලේසියානු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණවලින් අනතුරුව  පුද්ගලයින් 5 පොලිස්   අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයින් තිදෙනාම එරට වෙසෙන ඉන්දියානුවන්ය. සිද්ධියෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත දැඩි ආරක්ෂාවක් ලබාදීමට මැලේසියානු රජය කටයුතු කළේය. ඔහු ආසියාවේ දේශපාලන පක්ෂවල ජාත්‍යාන්තර සමුලුව නිමා කර ක්වාලාලම්පූර් ජාත්‍යාන්තර ගුවන්තොටුපල වෙත පැමිණියේ විශේෂ ආරක්ෂක විධිවිධාන යටතේය.

අද උදෑසන ලංකාවට පැමිණි හිටපු ජනාධිපතිවරයා  ගුවන්තොටුපලේදී මාධ්‍ය වෙත කීවේ මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට එල්ල කළ ප්‍රහාරය මෙරට රජයට එල්ල කළ ප්‍රහාරයක් බවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.