ශ්‍රී.ල.නි පක්ෂයෙන් මහින්ද ඇතුළු 35කගෙ මන්ත්‍රීධුර අහෝසි ?

nandimithraඒකාබද්ධ විපක්ෂය ඊයේ සංවිධානය කල ” ජන සටන ” රැලියට එක වූ ශ්‍රීලනිප මන්ත්රීවරුන්ට එරෙහි දැඩි පියවර ගැනීමට ශ්‍රීලනිප අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රීලනිප විනය නීති උල්ලංඝනය කරන තැනැත්තන්ට තරාතිරම නොබලා කටයුතු කිරීමට පක්ෂය තීරණය කර ඇති බව එහි මධ්‍යම කාර්ම සභික නන්දිමිත්‍ර ඒකනායක මහතා පවසා අතු බව වාර්තා වේ.

ඔහු කියා සිටින්නේ කවරෙකු හෝ පක්ෂයේ විනය කටයුතුවලට හානියක් වන ආකාරයට හා පක්ෂයට හානිදායක වම අයුරින් කටයුතු කිරීම සිදු කරයි නම් එම පුද්ගලයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කල හැකි බවයි.

වැඩි දුරටත් ඔහු පවසා ඇත්තේ මෙම සිද්ධියට අදාළ මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණයක් පවත්වන අතර එහි වැරදිකරුවන් වන පුද්ගලයන් පක්ෂයෙන් නෙරපීම හොමන්ත්රීධුරයෙන් නෙරපීම දක්වා දඩුවම් කල හැකි බවයි.

ඊයේ පවතී ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සහභාගී නොවන ලෙස ශ්‍රීලනිප මන්ත්‍රීන්ට දැනුම් දී තිබු බවත් පක්ෂ මහා ලේකම් දුමින්ද දිසානායක  මහතා මන්ත්රීවරුන්ට ලිපි මගින් ද දැනුම් දීමක් සිදු කර ඇති  බව වාර්තා වේ.

ඊයේ පවතී රැලියට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව මන්ත්‍රීවරු 35ක් සහභාගී වී සිටි අතර ඔවුන් සම්බන්ධව විනය පියවර අනුගමනය කිරීමට නියමිතය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.