ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන කතානාය ඓතිහාසික කතාවකට සැරසෙයි…

Low111එකතුකළ අගය මත බදු ( සංශෝධන) පනත් කෙටුම්පත හෙවත් වැට් පනත පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවේදී ඓතිහාසික ප්‍රකාශයක් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.

වැට් බදු සංශෝධන පනත පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පාර්ලිමේන්තුව සතු බලතලවලට බලපෑමක් වූවේද යනන් පිළිබදව ගැඹුරින් කරුණු අධ්‍යයනය කර ඊලග පාර්ලිමේන්තු සතියේ කතානායකවරයා මෙම ප්‍රකාශය කරනු ඇති බව පැවසේ.

හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා විසින් තමන්ටම අදාළව පාර්ලිමේන්තුව වෙත වර්ෂ 2001 දී යොමු කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හිටපු කතානායක  කරු ජයසූරියගේ අවධානයට යොමුව ඇතැයි සදහන්ය.

මූලාසනයේ විශේෂ ප්‍රකාශය කිරීමට පෙර කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් සමග විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතය.

මෙවන් අවස්ථාවක මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේත්,   බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය යටතේ ක්‍රියාත්මක රටවලුත් ක්‍රියාකර තිබෙන ආකාරය ගැනද කරු ජයසූරිගේ ප්‍රකාශයේ දීර්ඝ ලෙස සදහන් වනු  ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.