සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරු රකින්න මහින්දගේ නිලධාරී මාෆියාව එක්වෙයි…

භාෂ්වර්
භාෂ්වර්

රාජපක්ෂ රජය සමයේ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිව සිටි කිත්සිරි රණවක ලබන 6 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (23) නියෝග කළාය.

සංචාරක සංවර්ධන අධිකාරියේ තවත් සේවකයන් දෙදෙනෙක් වන නිල්මිණි නානායක්කාර සහ මර්වින් ප්‍රනාන්දුපුල්ලේ මේ මස 25 දක්වා බන්ධනාගාරගත කිරීමටද නියෝග ලැබිණි.

නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත අද (23) ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස  අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ‍ලේකම් හේමා ධර්මවර්ධන, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. සේමසිංහ, සංචාරක සංවර්ධන අධිකාරයේ හිටපු සභාපති අභාෂ්වර සේනාංක  ගුණරත්න, සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු     අධ්‍යක්ෂ ජනරාල් ඩී.එස් ජයවීර,     චන්ද්‍රා වික්‍රමසිංහ, ආර්.ඒ.ඒ.කේ රණවක යන අයට නියෝග ලැබී තිබිණි.

මොවුන් අතරින් කිත්සිරි රණවක අද අත්අඩංගුවට පත්වූ අතර සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති භාෂ්වර ගුණරත්න, හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එස් ජයවර්ධන, අධ්‍යක්ෂවරුන්වන රණසිංහගේ සමරසිංහ සහ දොන් චන්ද්‍රසිරි යන අය අත්අඩංගුවට පත්වීමට නියමිතව සිටිති.

අග්‍රමාත්‍ය කාර්යාලයේ අතිරේක ලෙක්ම් හේමා ප්‍රේමවර්ධන අත්අඩංගුවට ගැනීමට නොහැකි තරම් දැවැන්ත දේශපාලන බලපෑමක් මේ වනවිට පොලිස් අපරාධ මූල්‍ය කොට්ඨාශයට එල්ල වී අති බැවින් ඇය අත්අඩංගුවට ගැනීම අත්හැර දමා ඇතැයි කියැවේ.

මෙම පිරිස ප්‍රශ්න කිරීම සදහා පොලිස් අපරාධ මූල්‍ය කොට්ඨාශයට ගෙන්වන්නේ  පසුගිය ඌව පලාත් සභා ඡන්දය වකවානුවේ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් අල්ලස් ලෙස ඡන්ද දායකයන්ට දන්සල් පැවැත්වීම සදහා     රුපියල් පනස් හත් ලක්ෂ තිස් අට දහස් හැත්තෑ පහක රාජ්‍ය මුදලක් මුදා හැරීම හේතුවෙනි. අධිකාරියේ ගෙවීම් වවුචරවල මේ වියදම දක්වා තිබුණේ දේශීය සංචාරකයන් උදෙසා පහසුකම් සැලසීම සදහා දැනුවත් කිරීමේ වැඩමුලු හා වැඩ සටහන් පැවැත්වීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම යන විස්තරයෙනි.

එමෙන්ම ජනාධිපතිවරණයට පෙර දින මහින්ද රාජපක්ෂට සෙත් පතා බෝධි පූජා පිංකම් පැවැත්වීමට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙ පැවිදි හඩ සංවිධානයට රුපියල් ලක්ෂ පනහකට අධික රාජ්‍ය මුදලක් ලබාදීම  සම්බන්ධව ද අත්අඩංගුවට පත් රණවක ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර තිබේ.

එසේ තිබියදීත් මොවුන් අත්අංගුවට ගතහොත්  පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපයට එරෙහිව මහා භාණ්ඩාගාරය නියෝජනය කරමින් රාජ්‍ය ව්‍යාපාර ආයතනවලට පත්කර ඇති සියලු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 287 දෙනෙක් අදාළ ආයතනවලින් ඉල්ලා අස්වන බව මුදල් අමාත්‍යාංශයට දන්වා යවා තිබිණි.

මිට පෙර පසුගිය මැයි 18 දා නීතිපතිවරයා විසින් භාෂ්වර ඇතුළු සංචාරක සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන් 6 දෙනා පොලිස් අපරාධ මූල්‍ය කොට්ඨාශයට කැදවීමට උත්සාහ කළ අවස්ථාවේ  රජයේ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි අධ්‍යක්‍ෂ මණ්ඩලවල, ටෙන්ඩර් කමිටුවල හා තාක්‍ෂණ ඇගයීම් කමිටුවල සාමාජිකයන් ලෙස කටයුතු කළ රාජ්‍ය නිලධාරීන් 138 දෙනෙක් තමන් තවදුරටත් එම තනතුරුවල කටයුතු නොකර වහාම ඉවත්වන බව මුදල් අමාත්‍යාංශ ලේකම්ට දන්වා යවා තිබුණේය.

කෙසේ වෙතත් මේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති නිසා හෙට උදෑසන මේ රාජ්‍ය නිලධාරීන් සිය වර්ජනය කරනු ඇත්දැයි රට බලා ස

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.