සැබෑවටම සිදුවූයේ කුමක්ද – ඊයේ ශ්‍රීලනිප රැස්වීමේ  ඇත්ත කතාව

maithripala-sirisena-1

ඊයේ ( 25) සවස 7 සිට රාත්‍රී 9.45 තෙක් කොළඹ ජනාධිපති මන්දිරයේ පැවති මහින්ද හිතවාදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම හා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ කණ්ඩායම අතර වූ සාකච්ඡාව අවසනායේ ආණ්ඩුවේ සංහිදියාව බිද දමන මට්ටමකට වර්ධනය වූයේය.  සිද්ධිය දෙයාකරයකට වාර්තා විය. එක් වාර්තාවක පැවසුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වන කිසිදු ක්‍රියාමාර්ගයකට නොයන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන් බවය. පා ගමන වර්ජනය කරන්නට කී කතාවක් එහි වාර්තා නොවුනි. ලක්බිම පුවත්පත කියා තිබුණේ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව යන පාගමනක් තමන්ට ප්‍රශ්නයක් නොවේ යැයි ජනාධිපතිවරයා කී බවය. දිවයින හා දි අයිලන්ඩ් පුවත්පත් අප වාර්තා කළ පරිදිම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහි නොවේනම් පාද යාත්‍රාවට බාධාවක් නැති බවට ජනාධිපතිවරයා කී බවට වාර්තා කර තිබුණේය.  මේ පුවත මාධ්‍යය වෙත ලබාදුන්නේ ප්‍රසන්න රණතුංගය. දිවයින පුවත්පත එය වාර්තා කර තිබුණේ ප්‍රසන්නගේ නමින්මය.

මේ  ප්‍රවෘත්තිය දුටු විගස උදෑසනම ජනාධිපතිවරයා  මාධ්‍ය ආයතන ඇමතුවේය. අමතා කියා සිටියේ තමන් කිසිම අවස්ථාවක පා ගමන අනුමත කරමින් එවැනි ප්‍රකාශයක් නොකළ බවය. ඉන් අනතුරුව ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන්  වෙනම පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූ  මහින්ද සමරසිංහ මේ ප්‍රකාශය මුලුමනින්ම අසත්‍යයක් බව කියා සිටියේය. මේ කටයුත්ත කරනු ලැබුවේ දේශපාලිනික බංකොලොත් වූ පුද්ගල චරිතයක් මාධ්‍ය අවභාවිතා කරමින් බව ඔහු කීවේය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ සෑම ප්‍රකාශකයෙක්ම  මෙම සාකච්ඡාවේදී කිසිම ආකාරයකින්  ජනසටන පා ගමන කතා නොකළ බව කීවේය. බන්දුල ගුණවර්ධන කීවේ වචනයක්වත් කතා නොකළ බවය.

එහෙත් ඊයේ පුරා පැය 3 ආසන්න කාලයක් තිස්සේ ජනාධිපතිවරයා  ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද හිතවාදී කණ්ඩායම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී හිතවාදී කණ්ඩායම අතර කළ සාකච්ඡාවේ ප්‍රධාන ප්‍රස්තුතය වූයේ ජන සටන පා ගමනය. අත්ත වශයෙන්ම ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබුණේ පක්ෂය කඩන කිසිම අවකල් ක්‍රියාවක් නොකළ යුතු බවය.   විවේචන ඇත්නම් සාධාරණව ඒ විවේචන කරන ලෙසත්, ආණ්ඩුවට විපක්ෂව වැඩ කිරීම අවශ්‍යනම් සාධාරණ පදනමක සිට එසේ කරන ලෙසත් කී ජනාධිපතිවරයා පක්ෂය කඩන කිසිම ක්‍රියාමාර්ගයකට නොයන ලෙස  දැඩි සේ අවවාද කර තිබිණි. එවන් ඕනෑම අවස්ථාවක  පක්ෂය වෙනුවෙන් ඉතිහාසයේ මෙතෙක් ගෙන නැති ඕනෑම දැඩි තීන්දුවක් ගැනීමට තමන් සූදානම් බව ඔහු කියා තිබුණේය.

එමෙන්ම පා ගමන් ගොස් හොරුන්ට දඩුවම් කිරීම නවත්වා ගත නොහැකි බව ත් ඔහු පවසා සිටියේය. ඒ අතර පක්ෂ සාමාජිකයන් නොදන්වා, ශාකා සමිතියක්වත් දැනුවත් නොකර , තමන්ටත් රහසින් ආණ්ඩුව සමග  අවුරුදු 5 ක දීගයක් ගියේ කෙසේ දැයි ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිගෙන් ප්‍රශ්න කර තිබිණි. ජනාධිපතිවරයා කීවේ පක්ෂය දැනගෙන ගත යුතු තීරණ හා නොදන්වා  ගත යුතු තීරණ තිබෙන බවය. වැදගත් වන්නේ රට බවත් රට රැකුණොත් සියල්ලන්ටම දේශපාලනය කළ හැකි බවත් පැවසූ ජනාධිපතිවරයා රට ස්ථාවරව පවත්නාබව ලෝකය දැනගත යුතු බව කීවේය. මේ රටේ අනාගතය වෙනුවෙන් ගත් තීන්දුවක් බව පවසුවේය.

මේ වනවිට සියල්ලෝම මේ සාකච්ඡාවේ දී පා ගමන පිළිබදවන කොටස මාධ්‍යයට ලබා නොදීමට එකගතාවක් ඇති කරගෙන තිබුණහ. හැමෝම කීවේ පා ගමන ගැන වචනයක්වත් කතා නොකළ බවය. ඒ අතර මේ සම්බන්ධව මාධ්‍ය හමුවේ ඉතා වගකීම් සහගත ප්‍රකාශයක් කරන ආකාරයට  හිටපු පළාත් සභා මහ ඇමති ප්‍රසන්න රණතුංග  කීවේ ජනාධිපතිවරයා විසින් පා ගමනට අනුමැතිය ලබාදුන් බවය.

මේ ප්‍රකාශය වාර්තා වූයේය. එම වාර්තාව මුලින්ම අගමැතිවරයාව කම්පනයට  පත් කළේය. අගමැතිවරයා  අද (26) උදෑසන ජනාධිපතිවරයාව අමතා ඔබ මේ කර ඇත්තේ කුමක්ද කියා විමසා තිබිණි. ආණ්ඩුවට අකමැතිනම් විරෝධතාවය දැක්වීමේ ක්‍රම තිබුණද  ආණ්ඩුව කඩා දමා ඊට උත්තර සොයන්නට යෑමේ අවදානම භාරගත්තේ ඇයි දැයි අගමැතිවරයා ජනාධිපතිවරයාගෙන් අසා තිබුණේය.

ඒ වනවිට ජනාධිපතිවරයා පුවත්පත් කර්තෘවරුන්ව අමතා තිබිණි. ඔහු මේ තත්වය පිළිබදව අගමැතිවරයා හා සාකච්ඡා කළේය. මහින්ද සමරසිංහ විශේෂ පුවත්පත් සාකච්ඡාවක් පවත්වා තත්වය පැහැදිලි කරනු ලැබුවේ ඉන් අනතුරුවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.