සිංහල සිසුන් නැතිව යාපනේ සරසවිය විවෘත වේ….

Jaffna-University4එකම සිංහල සිසුවෙකුගේවත් පැමිණීමකින් තොරව යාපනය සරසවිය අද (25) විවෘත වුණේය.

දෙමළ සිසුන් සරසවියට පැමිණ සිටියද අද දින අධ්‍යයන කටයුතු හා දේශන පවැත්වුණේ නැත. සිංහල ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව සහතික කරනබව පොලිස්පති පූජිත් ජයසුන්දර පැවසුවද ආරක්ෂාව පිළිබද නිශ්ඡිත වැඩපිළිවෙලක් පිළිබදව තමන්ට විශ්වාස නැති බව සිසුන් පවසා සිටියේය. එහෙත් සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා යාපනය විශ්වවිද්‍යාලයට නොපෙනෙන ආරක්ෂාවක් ලබාදීමට පොලීසිය කටයුතු කර ඇතිබව පොලිස් ආරංචි මාර්ග සදහන් කළේය.

මේ ආකාරයේ ආරක්ෂාවක් ලබාදීම සදහා පොලිසිය කටයුතු කරයිනම් එය සැකය හා වෛරය වැඩි කරන්නක් විනා සංහිදියාවක් ඇති කරන ප්‍රවේශයක් විය නොහැකි බව මේ පිළිබද ලංකා නිවුස්ලයින් කළ විමසීමකදී යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු පැවසූහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.