සියලු පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ නොමිලේ…

Cancer11සියලුම පිළිකා රෝගීන්ට අවශ්‍ය කරන බෙහෙත් වර්ග මුදල් අයකිරීමකින් තොරව නොමිලේ ලබා දීමට රජය පියවර ගෙන ඇත.

මේ සඳහා වර්ෂ 2016 වර්ෂයේ අයවැයෙන් රැපියල් කෝටි 1200 ක මුදලක් ලබා ගැනීමට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරි දින කීපයක් තුළ කැබිනට් මණ්ඩලයෙ අනුමැතියට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

දැනට පිළකා සඳහා ලබා දෙන ඇතැම් ඖෂධ වර්ග සදහා රුපියල් ලක්ෂ එකහාමරක් , දෙකක්, තුනක් ආදී වශයෙන් රෝගීන්ට ගෙවන්නට සිදුව තිබේ. තවත් සමහර රෝගීන් රුපියල් ලක්ෂ 50 සිට 60 දක්වා ගෙවීමට සිදුවේ.

මේ සා විශාල මුදලක් වැය කිරීමට නොහැකිව විශාල පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටී. එහෙත් මේ සම්බන්ධව අදහස් දක්වන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයන් පවසන්නේ හැඟීම් හා දේශපාලන ප්‍රචාරකවාදී අදහස් වලින් වියුක්තව  රටක් ලෙස කල්පනා කර බලන විට රටේ සෞඛ්‍යය වෙනුවෙන් වෙන් කරන මුදලින් අසමමිතක පිරිවැයක් පිළිකා ඖෂධ සඳහා වෙන් කිරීම අනුචිත බවය. විද්‍යාත්මක ක්‍රමයකට මේ බෙදී යෑම සිදුනොවීඹ නිසා ඉන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමමිතක බව බිඳී යන බවය.

දැනට මේ රටේ සිදුවන ඖෂධ ජාවාරම්වලින් වැඩිපුරම කොමිස් හා ලාභ ලබන ඖෂධ මාෆියාව පිළිකා ඖෂධ හා බැදී ඇති අයුරු ගැනත් ඔවුහු පෙන්වා දෙති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.