සිරියාවට ගිය කොල්ලුපිටියේ අයිඑස් කාරයා ගැන පරීක්ෂණ රජය යට ගහලා..

IS-1තවත් ශ්‍රී ලාංකිකයෙක් අයිඑස් සංවිධානය බැඳීම සඳහා සිය පවුල පිටින් සිරියාවට ගොස් තිබෙන බව බුද්ධි අංශ කළ වාර්තාව රජය විසන් පරීක්ෂණයට ලක් නොකර යට ගසා තිබේ. මේ පරීක්ෂණ යට ගසා ඇත්තේ මුස්ලිම් දේශපාලකයන් පිරසකගේ බලපෑම මත බව වාර්තා වේ.

සිරියාවට ගොස් අයිඑස් සංවිධානයට බැදුණු මේ තැනැත්තා  කොල්ලුපිටියේ පදිංචිව සිටි තැනැත්තෙකි. සිරියානු රජයට එරෙහිව අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට බැඳී සටන් වැද මිය ගිය  පළමු ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයා වූ ගලේවෙල පදිංචිව සිටි අබු සුරේනි සයිලානි මිය ගිය බව   2015 ජූලි මස අයිඑස් සංවිධානය විසින් වාර්තා කිරීමෙන් අනතුරුව මෙම තැනැත්තා ලංකාව හැර සිය පවුල පිටින්ම සිරියාවට ගොස් තිබේ.

මේ තැනැත්තාගේ බිරිදගේ දෙමව්පියෝ දෙහිවල ජිවත්වෙති. එක්වරම සිය පවුල පිටින් අතුරුදන් වීමෙන් අනතුරුව ඔහු සිය ‍‍ පියාට සිරියාවේ සිට දුරකතන ඇමතුමක් දී පවසා ඇත්තේ තමා ලියා තැබූ ලිපියක් ඇති බවත් ගෙදර දොර හැර එම ලිපිය බලන ලෙසත්ය. ලිපිය බලනවිට එහි සදහන්ව තිබී ඇත්තේ තමන් අයිඑස් සංවිධානය වෙත බැදීම සදහා සිරියාවට පැමිණි බවයි.

මේ සිද්ධියෙන් දැඩි කම්පනයට පත්වී ඇති මේ තැනැත්තාගේ බිරිදගේ දෙමව්පියෝ අයිඑස් සංවිධානයට බැදීම සදහා දරුවන් හා තම දියණිය රැගෙන යෑම සම්බන්ධව දැඩි වේදනාවකින් පසුවෙති. පසුගිය කාලය පුරාම ඔහුගේ නිවස වසා දමා තිබී ඇත.

දිවයින පුරා අතිශයින්ම සූක්ෂම ලෙස අයිඑස් ක්‍රියාකාරකම් ආරම්භ වී ඇති බව  බුද්ධි අංශ අනතුරු හගවයි. මේ ආකාරයෙන් දේශපාලනික අවශ්‍යතා මත යම් සිදුවීම් සම්බන්ධව කෙරෙන පරීක්ෂණ වැලැක්වීමේ ආදිනව නුදුරේදීම රටට ලැබෙනු ඇතැයි තතු දත් ආරංචි මාර්ග කියයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.