සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් රජයට එරෙහි සටනකට සැරසෙයි…

palitha Mසෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා මූල්‍ය හා ගිණුම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමේ කිරීමට රජය විසින් ගත් තීන්දුවට   සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල  ජනාධිපතිවරයා වෙත විරෝධය පල කර තිබේ. ඔහු ඇතුළු වෛද්‍ය පරිපාලන නිළධාරීන් 14 දෙනෙකුගේ අත්සන සහිතව වෛද්‍ය පරිපාලන ශ්‍රේණි එකමුතුව නැමැති සංවිධානයක් මගින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යවමින් මේ විරෝධතාවය දක්වා ඇත.

වෛද්‍ය මහීපාල ඉන් අවධාරණය කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට තවත් අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් අනවශ්‍ය බවය.

වසරකදී රුපියල් බිලියන සියයකට වඩා වැඩි රජයේ  මුදල්  වියදම් කරන සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලු අමාත්‍යාංශ 4 ක් සඳහා  රජයේ ගණකාධිකාරී සේවයේ සිටින වෘත්තීය සුදුසුකම් සහිත ගණකාධිකාරීවරු සිවු දෙනෙක්   මූල්‍ය හා ගිණුම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරුන් ලෙස පත් කිරීමට රජය ගත් තීන්දුවට පාලිත මහීපාල ඇතුලු පිරිස මෙසේ දැඩි විරෝධයක් පල කර ඇත.

මේ පත්කිරීම ගැන සාකච්ඡා කිරීම සදහා සතියක් ඇතුළත අවස්ථාවක් ලබා දෙන ලෙස ඔවුන් ජනාධිපතිවරයාට දන්වා සිටී.  දීර්ඝ කාලයක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ වෛද්‍ය පරිපාලකයින් , ශ්‍රී ලංකා පරිපාලන සේවය සහ ගණකාධිකාරී සේවයේ නිලධාරීන් එකමුතුව කටයුතු කළ බවත්, යම් කිසිවෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මෙතෙක් පැවති ක්‍රියාවලිය බිද දමා එම ක්ෂේත්‍රයේ දියුනුවට බාධා කරයි නම් ඕනෑම ආකාරයක වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට යෑමට නොපැකිලෙන බවත් පාලිත මහීපාල එම ලිපිය මගින් ජනාධිපතිවරයාට දන්වා සිටී.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතිහාසය පුරාම මුදල් පරිහරණය පිලිබදව ආන්දෝලනයට ලක් වුණු ආයතනයකි. එහෙත් එහි ගොඩනැගී ඇති ඒකාධිකාරිය නිසා එම ක්ෂේත්‍රය නිසි බරකින් පරිපාලනය කරන්නට පැවති රජයයන් ඍජුව ක්‍රියා කළේ නැත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.