හන්තාන සිසුවියන් දූෂණ සිද්ධිය… නිමල් පීරිස් අත්අඩංගුවට ගැනීමට නියෝග… අපේක්ෂිත ඇප ප්‍රතික්ෂේපයි…

Nimal Peiris 03 3මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අධ්‍යාපන ආයතනක දැරියන් 8 දෙනෙක් බරපතල  ලිංගික අපයෝජනයට ලක්ව අපේක්ෂිත ඇප මත සිටි දෙවන ප්‍රධාන සැකකරුවන ටෙලි ෆික්ස් ආයතනයේ හිමිකරු, ප්‍රකට සමාජ සේවක හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදේශක, නිමල් පීරිස් හෙවත් සබරගමු රාළලාගේ නිමල් නිශාන්ත පීරිස්  නැමැත්තාගේ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප ඔහු වහාම අත්අඩංගුවට ගැනීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්  බුද්ධික ශ්‍රී රාගල මීට ස්වල්ප වෙලාවකට පෙර නියෝග කළේය.

අද නිමල් පීරිස් අධිකරණයට ඉදිරිපත් වූයේ නැත. ඔහු වෙනුවෙන් නීතිඥ කණ්ඩායමක් ඉදිරිපත් වූහ. ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සමග මනුෂ සෙනවිරත්න, නිරෝෂන් සිරිවර්ධන, ඉන්දික ගිරාගම, දිනේෂ් දොඩංගොඩ, නිශාන් ඩයස්, නිලන්ත පෙරේරා යන නීතිඥවරු නිමල් පීරිස් වෙනුවෙන් පෙනී සිටිමින් ස්වකීය සේවා දායකයාට  ඇප ලබා ගැනීම සදහා කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කළේ තව දුරටත් ඇප ලබාදීම සුදුසු නොවන බවට ප්‍රකාශ කරමිනි.

වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂිකා අයේෂා බණ්ඩාර කරුණු දැක්වූවාය. මේ සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පැවැත්විය යුතු බව ඇය කීවාය. දැරියන් 5 දෙනෙක් සම්බන්ධව කරන විමර්ශනයට බාධා වී ඇත්තේ ඔවුන් බියපත්ව සිටීම බව කී උපපොලිස් පරීක්ෂක වරිය  ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ සැකකරු ළග මේ දැරියන්ගේ සියලු පුද්ගලික විස්තර පැවතීම බව කීවාය. සැකකරු ගේ පසුබිම අනුව ඔහුට කළ හැකි බලපෑම විශාල බැවින් විමර්ශන කටයුතු කරගෙන යෑම සදහා සුදුසු පරිසරයක් නිර්මාණය කරගැනීමට අපේක්ෂිත ඇප ලබාදීම නුසුදුසු බව ඇය අධිකරණයට දැන්වූවාය.

මෙහිදී දැකිය හැකි විශේෂ සිදුවීමක් විය. මහනුවර පොලිසියේ සියලුම උසස් නිලධාරීහු මේ අවස්ථාවට පැමිණ සිටියහ. සිදුවීම වී උසාවියට කරුණු දැක්වීමට සතියක කාලයක් ලැබී තිබිණි. එහෙත් සිද්ධිය වෙනුවෙන් කරුණු දැක්වීමෙහි යෙදුනේ ළමා හා කාන්තා කාර්යාංශයේ උපපොලිස් පරීක්ෂිකා අයේෂා බණ්ඩාර සහ එක් පොලිස් පරීක්ෂකවරයෙක්  පමණි. පොලිසියේ කරුණු දැක්වීම් ප්‍රමාණවත් නොවන බව මුල් අවස්ථාවේ කීප වරක්ම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කරද්දීත් පොලිසිය වෙනුවෙන් එකම වචනයක් කතා කරන්නට මේ උසස් පොලිස් නිලධාරීන් කටයුතු කළේ නැත.

කෙසේ වෙතත් අවසනායේ අයේෂා බණ්ඩාරගේ කරුණු දැක්වීම මත අපේක්ෂිත ඇප ප්‍රතික්ෂේපකර සැකකරුවා අත්අඩංගුවට ගැනීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල නියෝග කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.