හර්තාල් නිසා පාලුවට ගිය යාපනය

harthaalදිනසේන රතුගමගේ
උතුරු පළාත තුළ අද  (25 දා) ක්රියාත්මක වූ හර්තාලයක් හේතුවෙන් සාමාන්ය වැසියන්ගේ එදිනෙදා ජන ජීවිතය බෙහෙවින් අඩාල වී තිබුණි. යාපනය විශ්ව විද්යාලයේ සිසුන් දෙදෙනෙකු පොලීසිය විසින් වෙඩිතබා ඝාතනය කළේ යැයි කියන සිද්ධියට විරෝධය පලකිරීම පිණිස දෙමළ ජාතික සන්ධානය විසින් මෙම හර්තාලය දියත් කළේය.

වවුනියාව,මන්නාරම,යාපනය,කිළිනොච්චිය හා මුලතිවු යන පළාත්වල වෙළෙදසැල් වසාදමා බොහෝ තැන්වල කළුකොඩි දමා තිබෙනු දක්නට ලැබුණි.
ගමනාගමන කටයුතු ඉතාම අඩාල තත්ත්වයක පැවතුණු අතර පිට පළාත්වලින් උතුරු පළාතට පැමිණෙන බස්රථ හා දුම්රිය පමණක් ධාවනය විණි. හර්තාලයක් පවතින බව නොදැන විවිධ හේතූන් මත උතුරු පළාතට පැමිණි බොහෝ දෙනෙකු ආපසු සිය නිවෙස් බලා යාමට නොහැකි ලෙස අතරමංව සිටි අතර වෙළෙද සැල් වසා දමා තිබීම නිසා ඔවුන්ට ආහාරපාන ලබාගැනීමද ප්රශ්නයක් වී තිබුණි.

රජයේ කාර්යාල ක්රියාත්මක වුවද ගමනාගමන පහසුකම් අල්ප වීම නිසා රජයේ කාර්යාල වලට පැමිණ සිටියේ අඩු කාරය මණඩලයකි. උතුරේ දෙමළ හා මුස්ලිම් පාසල් සියල්ලක්ම වසා දමා තිබූ අතර සිංහල පාසල් ක්රියාත්මක විණි.

මුළු උතුරු පළාතේම හර්තාලයක් ක්රියාත්මක වුවද කිසිදු ප්රචණ්ඩ ක්රියාවක් වාර්තා නොවූ බව පොලීසිය පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.