හිටපු නායකයින් නිසා ශ්‍රී ලන්කන් පාඩු ලබයි

mo3මුදල් අමාත්‍යාංශය නව ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (31) ප්‍රකාශ කලේ සිය හිත මිතුරන් සමඟ පසුගිය නායකයින් විදේශ සංචාර සඳහා වෙනම ගුවන් යානා රැගෙන ගොස්‌ දින ගණන් එම රටවල ඒවා රඳවා ගෙන සිටි නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය විශාල අලාභයක්‌ ලැබූ බවයි.

එලෙස විදේශ සංචාර සඳහා තමන් කිසිවිටෙකවත් පෞද්ගලික ගුවන් යානා යොදා නොගත් බවත් සාමාන්‍ය මගී ගුවන් යානයකින් ඉතා සීමිත පිරිසක්‌ හා සහභාගී වූ බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති කාර්යාලයේ වියදම එදාට වඩා අද 60% කින් අඩු කිරීමට තමන් කටයුතු කර තිබෙන බවත් ජනතා මුදල් විනාශ කරන ක්‍රියා කලාප තම පාලන කාලය තුළදී අවසන් කර ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා මූල්‍ය විනය සහ මූල්‍ය කළමනාකරණ පිළිබඳ වැඩි අවධානයක්‌ යොමු කර කටයුතු කිරීම දේශපාලඥයින්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේද වගකීමක්‌ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.