හිතලු මත බිල්ලෙක් මවා යෝජිත ව්‍යවස්ථාවට විරෝධය පෑම ජාතික අපරාධයක්… විද්වත්හු කියති…

billa2නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක් අකුරක් සම්බන්ධව හෝ තව කිසිම එකගතාවයක් ඇතිකරගෙන නැතැයි ආණ්ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපති අධි නීතිඥ ලාල් විජේනායක පවසයි.  සිදුවෙමින් ඇති ක්‍රියවලිය පිළිබද නිවැරදිව ජනතාව දැනුවත් කළ යුතු වුවත්  එහි නියම ස්වරූපය ජනගත නොවන බව  ඔහු පෙන්වා දෙයි.

ව්‍යවස්ථා සම්පාදනය සදහා මුලින්ම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කළ අතර අනතුරුව මේ කටයුත්ත සදහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර ඇත. ඉන් අනතුරුව  පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව අගමැතිවරයා ප්‍රධානව  මූලික කරුණු කීපයක් සම්බන්ධව සාකච්ඡා කර ඒ කරුණු සම්බන්ධයෙන් පුලුල් අධ්‍යයනයක් කිරීමට ප්‍රධාන කමිටු 6 පත් කර ඇත.

මෙම කමිටු පසුගිය කාලයේ දිගින් දිගටම රැස් විය. ඒ කමිටුවලට අදහස් ලබා ගැනීම සදහා රටේ ප්‍රමුඛම විද්වත් කොටස් සම්බන්ධ කරගෙන පුලුල් සංවාදයක් ඇති කරනු ලැබුවේය. ඔවුන්ගේ අදහස්  හා උපදෙස් හා මගපෙන්වීමත් සහිතව මේ වනවිට එම කමිටු 6 න් කමිටු 5 ක් ස්වකීය වාර්තා පාර්ලිමේන්තුව වෙත ලබාදී තිබේ. බන්දුල ගුණවර්ධනගේ නායකත්වයෙන් යුතුව පත්කරනු ලැබූ ආර්ථික කමිටුවේ වාර්තාව මේ වන විටත් පාර්ලිමේන්තුව වෙත ලැබී නැත.  මේ සියලු වාර්තා ලැබුණු පසු එම වාර්තා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව   වෙත යොමු කරනු ලබයි. එහි දී සැකසෙන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවම සම්බන්ධ කරගත් ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරගනු ලැබේ. එම කෙටුම්පත නැවත පාර්ලිමේන්තුවේ 2/3 කින් සම්මත කරගැනීමෙන් අනතුරුව ජනමත විචාරණයක් වෙත යොමු කිරීමෙන් පසු ව්‍යවස්ථාව නිශ්ඡිත ලෙස බලගැන්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පත් සහිත වාර්තාව  සකස් කිරීම සදහාත් තව මාස 03 ක් වත් ගතවනු ඇතැයි පැවසේය. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සංවාදයට ලක් කරවා මුලු පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩයලක් කර එය කෙටුම්පත් කරන්නේ ඉන් අනතුරුව බව කියැවේ.

මෙවැනි පරිසරයක් තුළ තවම නිශ්ඡිත හැඩයවත් නොදත් ලේඛණයක් සම්බන්ධව අවස්ථාවාදී දේශපාලනය විසින්  ගොනු කරන සාපරාධී විරෝධය රටටත් ජනතාවටත් යහපතක් සිදුනොකරන බව දැනට මේ මූලික කටයුතු පවත්වාගැනීම සදහා ක්‍රියාත්මකවන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විද්වත්හු පවසති.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.