හිරුණිකාට අධිචෝදනා භාර දේ… දැඩි අවවාදයෙන් පසු ඇප

hirunika2-1පුද්ගලයෙකු පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධව චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 9 දෙනෙකුට අද (21) කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි එන්.රණවක ගුණතිලක  ඉදිරියේ අධි චෝදනා භාර දෙනු ලැබිණි.

අනතුරුව අධිචෝදනා භාර දුන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසට ඇප ලබා දුනි.  ලබන ජනවාරි 10 හා 11 දින නඩු විභාගයට දින නියම කෙරිනි.

ඒ සමගම විනිසුරුවරිය හිරුණිකා ඇතුළු පිරිසට දැඩි සේ අවවාද කරමින් කියා සිටියේ පැමිණිල්ලේ කිසිම සාක්ෂිකාරයෙකුට හෝ සාක්ෂික කාරියකුට කුමණ හෝ බලපෑමක් කර තිබුණහොත් නඩුව අවසන් වනතුරු එම තැනැත්තා හෝ තැනැත්තිය රිමාන්ඩ් බන්ධනාගාරගත කරන බවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.