හිරුණිකා සහ නඩය අධිකරණයට කැඳවයි…

Hirunika2-1ස්වකීය ආරක්ෂකයෙකුගේ පුද්ගලික ප්‍රශ්නයක් නිසා සිදුකළ පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු ඇයගේ ආධාරකරුවන් අට දෙනෙකුට එරෙහිව චෝදනා පත්‍ර භාරදීම සදහා මහාධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.

පසුගිය වසරේ දෙසැම්බර් මස දෙමටගොඩ ප්‍රදේශයේදී සිය ඩිෆෙන්ඩර් රථය යොදා ගනිමින් තරුණයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන්ට එරෙහිව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම පිරිසට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ඉදිරිපත් කර ඇති අතර එම නඩුව ලබන 26 වෙනිදා කැඳවීමට නියමිතව ඇති බවයි.

ඒ අනුව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන්ට එදින මහාධිකරණයේ පෙනී සිටින්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙවැනි පැහැරගෙන යාමේ සිද්ධීන් හරහා වත්මන් රජයේ කීර්තිනාමයට හානියක් සිදුවනවා නොවේදැයි නඩු විභාගය අවසන් වීමෙන් පසුව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රී වරියගෙන් මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී ඇය කියා සිටියේ මෙම චෝදනා තමන්ට මිස ආණ්ඩුවට එල්ල වූ චෝදනා නොවන බැවින් ඉන් ආණ්ඩුවට බලපෑමක් සිදු නොවන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.