උසාවියට භාර වූ ශාන් විජයලාල්ට ඇප

පසුගිය වසරේ ජනවාරි 8 පැවති ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද දායකයන්ට බලපෑම් කරමින් අත් පත්‍රිකා බෙදා දීමේ චෝදනාවට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා හා තිදෙනෙකුට එරහෙිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

එහෙත් අධිකරණයේ පවතින නඩුව සදහා ඔහු පෙනී නොසිටීම නිසා වරෙන්තු ලබා සිටි දකුණු පළාත් ප්‍රධාන ඇමතිවරයා ඊයේ (05) අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් භාර වූ අවස්ථාවේ වරෙන්තු ආපසු කැද වූ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විසින් ප්‍රධාන ඇමතිවරයා ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

ඉකුත් 3 වැනිදා නඩුව කැද වූ අවස්ථාවේ ශාන් විජයලාල් මහතා අධිකරණයේ පෙනී නොසිටියේ විදේශ සංචාරයක් සදහා ගොස් සිටි නිසා බව ඔහුගේ නීතිඥවඑැ පැවසූහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.