පෞද්ගලික රෝහල් 5ක වකුගඩු ජාවාරම සිදු වී ඇත

වකුගඩු ජාවාරමකට ශ්‍රී ලාංකික වෛද්‍යවරු 6 දෙනෙකු සම්බන්ධ බව ඉන්දීය පොලිසිය අනාවරණය කළ පසු සෞඛ්‍ය ඇමතිවරයා විසින් පස් පුද්ගල කමිටුවක් පත් කඑන ලදී.එහි සභාපතිවරයා වූයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතායි.ඔහු සදහන් කලේ වකුගඩු ජාවාරමට සම්බන්ධ වාර්තාවේ පළ වූ ඇතැම් පුද්ගලයන් වෛද්‍යවරු නොවන බවයි.

මෙම ජාවාරම පෞද්ගලික රෝහල් 5ක සිදු වූ බව පරීක්ෂණ වලින් හෙළි වී ඇත.

එම කමිටුවේ වාර්තාව ඊයේ (05) ඇමති රාජිත සේනාරත්න මහතා අතට භාර දී ඇත.

වාර්තාව භාර දුන් අවස්ථාවේ ඇමතිවරයා පඅවසුවේ 2014 වසරේ සිදු වූ මෙම ජාවාරම පිළිබද පත් කළ කමිටුවේ වාර්තාවෙන් කිසිදු හෙළිදරව්වක් සිදු වී නොමැති බවයි.

තව ද ඖෂධ මිල අඩු කිරීම සදහා එම සමාගම් එකග වී ඇති බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.