වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගේ ඉල්ලීම පිටුපස කුමන්ත්‍රණයක් ?

පසුගිය දා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් මාලඹේ රෝහලේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියේ එම රෝහල රජයට පවරා ගන්නා ලෙසයි.

කෙසේ වුව ද කොළඹ දී අද පැවති මාධ්‍ය හමුවකට එක් වූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු වීරසේකර ඊට ප්‍රතිචාර වශයෙන් පැවසුවේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගේ වුවමනාව මත පමණක් එම ඉල්ලීම නොවූ බවයි.

තව ද මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අර්ධ රාජ්‍ය රෝහලක් ලෙස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කර ඇති ඉල්ලීම පිටුපස කුමන්ත්‍රණයක් පවතින බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.