යෝෂිත ඇතුළු පස් දෙනා යළි රිමාන්ඩ්

C.S.N. නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රජයේ දේපළ යොදා ගැනීම ඇතුළු චෝදනා රැසකට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි යෝෂිත ඇතුළු පස් දෙනා අද කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ඔවුන් කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ ලබන මස 25 වෙනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

යෝෂිත රාජපක්ෂ මහතාට අමතරව මෙලෙස බන්ධනාගාර ගත වූයේ හිටපු ජනපති මාධ්‍ය ප්‍රකාශක C.S.N. නාලිකාවේ ප්‍රධානී රොහාන් වැලිවිට,ප්‍රධාන විධායක නිළධාරි නිශාන්ත රණතුංග අධ්‍යක්ෂවරුන් වන කවිෂාන් දිසානායක හා අෂාන් ප්‍රනාන්දු යන අයයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.