නවසීලන්ත අගමැති ජෝන් කී දිවයිනට

ඔහු ඇතුළු 10 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් සිංගප්පූරූ ගුවන් සේවයට අයත් S.Q. 468 ගුවන් යානයෙන් දිවයිනට පැමිණියේ ය.

නවසීලන්ත ගමැතිගේ හා ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ විධායක කමිටුව හා විදේශ කටයුතු පිළිබද ස්ථාවර කමිටුව කොළඹ දී රැස්වේ.

අද සහ හෙට පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සභාපති ධූරය දරන්නේ ද නවසීලන්ත අගමැතිවරයායි.

ආසියානු ශාන්තිකර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ රැස්වීමක් ද පැවැත්වෙන අතර එහි සභාපතිධූරය දරන්නේ අගමැති රනිල් වික්‍රමසංහ මහතායි.

දිවයිනට පැමිණි ජෝන් කී මේ මස 27 දින තෙක් දිවයිනේ රැදී දිටින අතර අද අගමැති රනිල් වික්‍රමසංහ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතයි.

නවසීලන්ත අගමැතිවරයා මෙරට පන්නල ප්‍රදේශයේ ආදර්ශ ගොවිපලක් සහ පුහුණු ආයතනයක් ද විවෘත කරනු ඇත.එමෙන්ම ඔහු පේරාදෙණිය උද්භිද උද්‍යානයේ හා දළදා මාළිගාවේ සංචාරයකකකකකකකකකකකකට ද එක් වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.