වංචා දුෂණ කොමිසමේ ලේකම් ලැසිල් ගෙදර

lasiවංචා දුෂණ කොමිසමේ ලේකම් ලැසිල් ගෙදර

වංචා විමර්ශනය සදහා වූ ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කොට ඇත.

තමන් මේ පුවත අසා පුදුමයට පත් වූ බවයි ලැසිල් ද සිල්වා කියා සිටියේ.

තමන් ඉතා සාධාරණව විමර්ශන කටයුතු මෙහෙය වූ අතර සාධාරණ සේවයට ලැබෙන තෑග්ග මේ නම් තමන් මේ ප්‍රතිපලය භාර ගැනීමට සුදානමින් සිටින බව ලැසිල් ද සිල්වා කියා සිටියේය.

හිටපු ජනාධිපති ආර්යාව වී ශිරන්ති රාජපක්ෂට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ප්‍රකාශ කිරීම මෙම ඉවත් කිරීමට හේතුව විය හැකි බව මාධ්‍යවේදියෙක් කියා සිටියේය.

අතුරුදහන්වුවන් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසමේ ලේකම්වරයා වූ එච්.ඩබ්ලිව්.ගුණදාස බරපතල වංචා දුෂණ සෙවීම පිළිබද කොමිසමේ නව ලේකම්වරයා ලෙස පත්කොට ඇත.

මෙය සුළුපටු පුටු මාරුවක් නොවේ.මේ කරුණට හේතු වූ කාරනා පැහැදිලි කිරීම ” යහපාලකයින්ගේ ” වගකීමයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.