මාධ්‍යවේදීන් සමග මගේ ප්‍රශ්නයක් නෑ

 

kirialla

 

 

සමහර විට අපේ අදහස් තදින් ප්‍රකාශ කෙරෙනවා. නමුත් . නමුත් මම විමල් වීරවංශ මහතාට කියන්න කැමතියි අපි මාධ්‍යවේදීන් ඝාතනය කරලත් නෑ. අපි සුදු වෑන්වල දාලා අරන් ගියෙත් නෑ. මේව කරපු අයට උඩගෙඩි දුන්න අය තමයි අද මාධ්‍ය නිදහස ගැන කථා කරන්නේ. අපි අවුරුදු ගණනාවක් ඉඳලා බලයට ආවේ. එක්සත් ජාතික පක්ෂයට වැඩ කරපු කෙනකුට සුදුසුකම් බලලා ලියුමක් දෙන එක වැරදිද‘ යනුවෙන් උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල අද (3) මහනුවර ගඟවට කෝරළේ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී පැවසීය.

ඒ පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලයට කථිකාචාර්යවරයකු බඳවාගැනීමට සලකා බැලීම පිණිස ඔහු උපකුලතිවරයාට යැවූ ලියුමක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුව පිළිබඳ එහිදී මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

‘ව්‍යවස්ථා සම්බන්ධ යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානමින් සිටින බවත් ජාත්‍යන්තරයෙන් එන චෝදනාවලට ප්‍රධාන පක්ෂ දෙක එකතුවී කටයුතු කළොත් අපට මුහුණ දීමට හැකියාව තිබෙනවා. ‘ යැයිද ඇමැතිවරයා එහිදී කීවේය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.