පළාත් පාලන මැතිවරණයට මිලියන 2500ක්

mahinda deshapriyaපළාත් පාලන මැතිවරණයට මිලියන 2500ක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් ඒ සදහා මැතිවරණ කොමිසමට අවශ්‍ය මුදල් ඇති බව ද මැතිවරණය පැවැත්වීම සදහා රු. මිලියන 2500ක් වෙන් කරගෙන ඇති බව ද මැතිවරණ කොමිසමේ ලේකම් මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (03) මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

තව ද පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයේදී හා ඡන්ද ගණන් කිරීමේ රාජකාරි කටයුතු සම්පුර්ණයෙන්ම වෙනස් ලෙස සිදුවන බව ද දේශප්‍රිය මහතා පැවසීය.

මෙවර පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පවත්වන බැවින් පසුගිය මැතිවරණ වලට වඩා වැඩි මුදලක් වය වනු ඇතැයිද හෙතෙම පවසා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.