නවසීලන්ත අගමැතිට බිලක් – මංගලට ලෙඩක් ?

mangalaනවසීලන්ත අගමැතිට බිලක් – මංගලට ලෙඩක් ?

ශ්‍රී ලංකා විදේශ අමාත්යංශය එන ගැනීම් සදහා සුපතල කීර්තියක් අත්පත් කරගෙන සිටී.

පසුගිය දා දිවයිනට පැමිණි නවසීලන්ත අගමැති ජෝන් කේ තාජ් සමුද්‍රා හෝටලයේ නැවතී සිටි කාලය වෙනුවෙන් මුදල් ගෙවන්නයි හෝටලයෙන් බැහැර වීමට පෙර අයකමිවරයා විසින් මතක් කොට ඇත.

මේ නියමයෙන් අන්දුන් කුන්දුන් වූ නවසීලන්ත අගමැති දූත පිරිස විදේශ අමාත්‍යංශයට දුරකතදුරකතන ඇමතුම් ගණනාවක් ලබා දීමෙන් අනතුරුව ගැටලුව නිරාකරණය කරගෙන ඇත.

ආරාධිත විදේශ රාජ්‍ය නායකයෙකුට තම ඉදුම් හිටුම් සදහා මුදල් ගෙවන්නයි සත්කාරක රටේ හෝටලයකින් දැන්වූ ප්‍රථම අවස්ථාව මෙය විය හැකිය.

මේ ප්‍රශ්නය නිරාකරණය කිරීමට අගමැති රනිල් වික්රමසිංහට හට මැදිහත් වීමට සිදු වූ බවයි වාර්තා වෙන්නේ.

මංගල සමරවීර අකාර්යක්ෂම විදේශ ඇමතිවරයෙක් හැටියට ලේබල් කිරීමේ උත්සහයක් තිබේද ?

විදේශ අමාත්‍යංශයේ පුටු පෙරලියක් සදහා පසුබිම සැකසෙමින් තිබේද ?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමගින් ජෙර්මනියට සහ ඕස්ට්‍රියාවට ගිය විදේශ ඇමති මංගල සමරවීර ඉන් අනතුරුව වොෂින්ටනයට ගොස් එතැනින් ටෙක්සාස් බලා ගිය බව වාර්තා වේ.

විදේශ ඇමතිවරයා රටේ නැති අවස්තාවකදී නවසීලන්ත අගමැතිවරයාට ආරාධනා කිරීම අහම්බයක්ද ?

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.