Dialog Lord of the reload ජයග්‍රහණය කළ බව පවසමින් මුදල් ගැරීමේ ජාවාරමක්

Dialog Lord of the reload තරගයෙන් ලක්ෂ 10ක ජයග්‍රහණයක් ලබා ඇති බවත් එය ලබාගැනීමට සඳහා රුපියල් විසි හය දහසක මුදල් තැන්පතුවක් කරන ලෙසත් දුරකථනයට ඇමතුම් දෙමින් මුදල් ගරා ගන්න කණ්ඩායමක් පිලිබදව Lanka News Line හි අප වෙත තොරතුරු ලැබී තිබේ.
Screenshot_2016-02-16-09-23-51
මේ ඔවුන් පලුමුවෙන් ජංගම දුරකථනය වෙත එවන කෙටි පණිවිඩයයි. මෙහි දිස්වන දුරකථන අංකය භාවිත කර ඉන් අනතුරුව සවස් කාලයේදී ඇමතුම් ගන්නා ඔවුන් සංවාදය ආරම්බ කරන්නේ ඩයලොග් ආයතනය මගින් පාරිබෝගික සේවා නිලධාරියෙකු අමතන ආකාරයටම වීම ඔවුන්ගේ කාර්ය තවත් පහසු කරයි.

අනතුරුව ඔවුන් පවසන්නේ එදින සවස 4.55 වන විට ඩයලොග් ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ චෙක් පත ලබා ගන්නා ලෙසයි. එම අවස්ථාවේ රුපවාහිනී පටිගත කිරීමක් සිදුවෙන බවත් ඔවුන් ප්‍රකශ කරන්නේ ගනුදෙනු කරුගේ විශ්වාසය තවත් තහවුරු කිරීම සදහායි.

එම කාලය වෙන විට ප්‍රධාන කාර්යාලයට පැමිණීමට නොහැකි බව පවසන්නන් ඔවුන්ගේ ගොදුර බවට පත් කරගන්නේ එසේනම් ජංගම දුරකථනය විසන්ධි නොකර ලගම පිහිටි සින්ගර මෙගා හෝ සිංගර් ප්ලස් ආයතනයකට එසේත් නැතිනම් ලාෆ් සුපිරි වෙළඳ සන්කීරනයකට ගොස් රුපියල් විසිහය දහසක මුදලක් ගෙවා චෙක් පත ලබා ගැනීම සහතික කරන ලෙස පවසමිනුයි.

මේ පිලිබඳ lanka news line හි අප ඩයලොග් ආසියාටා ආයතනයේ පරිභෝගික සේවා අංශයෙන් විමසීමක් කළ අතර එම සමගම පවසන්නේ එම ත්‍යාග මුදල් ලබා ගැනීම සදහා කිසිදු සේවා ගාස්තුවක් අය නොකරන බවත් එසේ ඇමතුම් ලබා දීම ඩයලොග් ආයතනය කිසි විටකත් සිදු නොකරන බවත්ය.

මෙවැනි පුද්ගලයන් පිළිබද තොරතුරු වෙතොත් ලගම ඇති පොලීසියට දැනුම් දෙන ලෙස එම සමාගම තැව දුරටත් ඉල්ලා සිටිනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.