රෝහලේදී ලක්ෂ පහක් කොල්ල කාලා

 

pic pocketමහනුවර මහරෝහලේ අක්ෂි ඒකකයේ සායනයකට මව සමඟ පැමිණි තරුණියකගේ අත්බෑගයේ තිබූ රුපියල් 579000.00 ක් වටිනා මුදල් හා රන්අභරණ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මෙම තරුණිය තම මව සමඟ කුණ්ඩසාලේ දර්ශනපුර සිට පෙරේදා (12) අක්ෂි සායනයකට පැමිණේත්දී නිවසේ ආරක්ෂාවක් නොමැති නිසා සියලු රන්බඩු අත්බෑගයේ දමාගෙන පැමිණ තිබේ.

සායනය සඳහා පෝලීමේ සිටියදී තරුණියන් දෙදෙනකු තමන්ට පිටුපසින් සිටි බවත් පැයක පමණ කාලයක් එහි රැඳීසිට ඔවුන් ප්‍රතිකාර නොගෙන පිටවයෑම නිසා සැක සිතී තම බෑගය පරීක්ෂා කිරීමේදී එය විවෘතකර මුදල් හා රන් අභරණ රැගෙන ගොස් තිබෙණු  දුටුබවත් චම්පා ක්‍රිෂාන්ති නැමැති අය පොලීසියට පවසා ඇත.

මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.