වැඩිකළ වැට් ආණ්ඩුවත්කඩන ලකුණු

අගය එකV_A_T_Bloodතුකිරීමේ බද්ද සියයට 15 දක්වාත්, ජාතිය ගොඩනැගීමේ බද්ද සියයට 2 දක්වාත්  වැඩි කිරීමට මුදල් ඇමතිවරයා ගත් තීන්දුව අත්හිටුවීමට   අධිකරණ නියෝග කිරීමත් අනුව ආණ්ඩුව බරපතල අර්බුදයකට මුහුණ පා සිටින බව වාර්තා වේ. මේ තත්වය මත අධිකරණ තීන්දුව ප්‍රකාරව ලබන සතියේදී වැට් වැඩිවීම පනතක් සේ පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට නොහැකි තත්වයක් උද්ගතවී තිබේ.

මීට හේතු වී ඇත්තේ වැට් වැඩි නොකළයුතුය යන ස්ථාවරයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රීනිපයත් වැට් වැඩිකළ යුතුය යන ස්ථාවරයේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප කණ්ඩායමත් සිටීමය.

පසුගියදා වැඩි කරන ලද වැට් බද්ද තාවකාලිකව අත්හිටුවන ලෙස අධිකරණය නියෝග කර තිබිණි. අධිකරණය නියෝගකර ඇත්තේ වැට් අත්හිටුවා පාර්ලිමේන්තු පනතක් හරහා එය සම්මත කරගෙන ක්‍රියාත්මක කරන ලෙසය.

වැට් වැඩිකිරීමේ ක්‍රියාවලියට ඒකාබද්ධ විපක්ෂය, ජවිපෙ හා ආණ්ඩුවේ මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායමත් විරුද්ධය. මේ තත්වය මත වැට් සම්මත කරගැනීමට නොහැකි තත්වයක් නිර්මාණය වී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.