ISIS ත්‍රස්තයෝ ලංකාවේ ප්‍රදේශ හයක

isisisisisisබුද්ධි අංශ මගින් පසුගිය කාලයේ කළ විමර්ශනවලින් අනාවරණය වී තිබුණේ මෙරට පදිංචිව සිටි මුස්‌ලිම් අන්තවාදී පුද්ගලයන් තිහකට වැඩි පිරිසක්‌ මේ වනවිට අයි. එස්‌. අයි. එස්‌. සංවිධානය සමග එක්‌ වී ඇති බවයි.

අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදී කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක්‌ මෙරට ප්‍රදේශ හයක සිටින බවට බුද්ධී අංශ වෙත තොරතුරු ලැබී ඇති අතර අයි. එස්‌. ත්‍රස්‌තවාදී කණ්‌ඩායම තහනම් කිරීමට මේ වනතුරුත් කටයුතු නොකිරීමෙන් මෙම සංවිධානයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවක්‌ වී තිබෙන බවද බුද්ධි අංශ ආරංචි මාර්ග කියා සිටියි.

එමෙන්ම අයි. එස්‌. සංවිධානයේ මෙරට ක්‍රියාකාරකම් සෙවීම සඳහා ක්‍රමවත් විමර්ශනයක්‌ ආරම්භ නොකිරීමෙන් ඉදිරියේදී ජාතික ආරක්‍ෂාවට ද විශාල තර්ජනයක්‌ එල්ල විය හැකි බව ත්‍රස්‌ත මර්දන විශේෂඥයෝ කියා සිටිති.

ගලේවෙල ප්රදේශයෙන් ගොස්‌ අයි. එස්‌. අයි. එස්‌ සංවිධානයට බැඳුණු පුද්ගලයකු පසුගියදා හමුදා ප්‍රහාරයකින් ඝාතනයට ලක්‌ වී ඇත.

ඒ වගේම විවිධ රටවල් වලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සැකකටයුතු පුද්ගලයන් පිළිබඳව ගුවන් තොටුපළේ සිට සොයා බැලීම කළ යුතුයි.

මේ සැක කටයුතු පුද්ගලයන් රට තුළට ඇතුළු වී ක්‍රියා කරන ආකාරයන් පිළිබඳව දැඩි විමර්ශනය කිරීම වැදගත් යෑයි ත්‍රස්‌ත මර්දන විශේෂඥයා වැඩි දුරටත් කියා සිටියේය.

අයිඑස්‌ ත්‍රස්‌ත සංවිධානයට සම්බන්ධ වෙබ් අඩවි 60 ක්‌ තහනමට ලක්‌ වී නැති අතර එම වෙබ් අඩවි වෙත තවදුරටත් ප්‍රවිෂ්aටවීමට මෙරට අයි එස්‌ අනුගාමිකයන්ට හැකි බව ඉහළ පෙළේ හමුදා බුද්ධි අංශ ආරංචි මාර්ග පැවසීය.

මේ හැර මාලදිවයිනේ සිට රෙදි මිලයට ගැනීමේ වේශයෙන් පැමිණෙන පිරිස්‌ ගැන ද අවධානය යොමු වී ඇත.

මාලදිවයින රජය මේ වනවිට අයිඑස්‌ ක්‍රියාකාරීන් රැසක්‌ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොළඹ හරහා විදේශගත වීමට සැලසුම් කර තිබූ බව හෙළි විය.

බුද්ධි අංශ ආරංචි මාර්ග දක්‌වන්නේ කොලන්නාව, සාලමුල්ල, දෙහිවල, කුරුණෑගල සහ නැගෙනහිර පළාතේ ද අයිඑස්‌ අනුගාමිකයන් සිටින බවයි. අයිඑස්‌ අනුගාමිකයන් ශ්‍රී ලංකාව තුළ සිටින බව රාජ්‍ය බුද්ධි අංශ විසින් පසුගියදා විමර්ශන වාර්තාවක්‌ රජයට ඉදිරිපත් කරමින් අනතුරු අඟවා තිබිණි.

මේ අතර සිරියාවේ අයිඑස්‌ ත්‍රස්‌තයන්ට සම්බන්ධ වී මෙරට අනුගාමිකයන් 45 ක්‌ සිටින බවට වාර්තා වී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.