LTTE සැකකරුවන්ට පොදු සමාව දීම ජාත්‍යන්තරය පිළිගන්නෑ

දිවයිනට පැමිණ සිටින මානව හිමිකම් කොමසාරිස් වන සෙයිද් රාද් හුසේන් ඊයේ (07) උතුරු නැගෙනහිර සංචාරයේ නිරත වුණා.ඔහු ඊයේ සවස්වරුවේ මහකොමසාරිස්වරයා හා නැගෙනහිර ප්‍රධාන අමාත්‍යවරයා මුණගැසුණාත.පසුව ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ බලය බෙදා හැරීමේ කටයුතු සම්බන්ධයෙන් එහි දී අවධානය යොමු කළ බවයි.

එමෙන්ම මානව හිමිකම් කොමසාර් ඊයේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා මුණ ගැසුණා.එහි දී ඔහු ප්‍රධාන අමාත්‍යවරයාට පැවසුවේ LTTE සැකකරුවන්ට පොදු සමාව දීම ජාත්‍යන්තරය පිළිනොගන්නා බවයි.

තව ද මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් අද දින මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැද පුදා ගැනීමට ද නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.