ලංකාවේ සුපිරි බස් සේවයක් ඇරඹේ…

bus-porto-andante-machine-565x300පෞද්ගලික පොදු ප්‍රවාහන සේවාවේ ගුණාත්මක වෙනසක් තුළින් මගීන්ට කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් මෙරට ප්‍රථම වරට සහසර නමින් නවීන තාක්ෂණය හා බද්ධවූ වැඩපිළිවෙළක් හඳුන්වාදීමට මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරිය කටයුතුකර තිබේ.

මෙම වැඩපිළිවෙළ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 18 දින ආරම්භ කිරීමට නියමිතය.සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ පළාත් සභා සංකීර්ණයේදී පැවැත්වෙයි.

මේ යටතේ සෑම බස් රථයකටම සීසීටීවී කැමරා පද්ධතියක්,ජී.පී.එස් යන්ත්‍රයක්, ඉලෙක්ට්‍රොනික ටිකට් යන්ත්‍රයක් හා දුරකතනයක් ලබාදීමට නියමිතය.නව වැඩ සටහන නියමු ව්‍යාපෘතියක් ලෙස මුල් අදියර යටතේ දිගන මහනුවර සහ කරල්ලියද්ද ප්‍රධාන මාර්ග හා අතුරුමාර්ග ආවරණය වනපරිදි දුම්බර බස් ලයින් නමින්ද කඩුගන්නාව මහනුවර ආවරණය වනපරිදි දෙනුවර බස් ලයින් නමින්ද ක්‍රියාත්මක කරන බව මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරීයේ සභාපති එරික් වීරවර්ධන මහතා පැවසීය.

නව වැඩපිළිවෙළ යටතේ මගීන් සඳහා පෙරගෙවුම් කාඩ්පතක් නිකුත් කිරීමටත් එක් මාරගයක ධාවනයවන බස් රථවල සියලු ආදායම් පොදු ගිණුමකට බැරකර දිනය අවසානයේ සියලු බස් රථ අතර විධිමත් ලෙස බෙදාදීමේ ක්‍රමවේදයක් සකස්කර තිබෙන බවත් ඒ මහතා කීය.

දෛනිකව බස් රථය ධාවනය කරන කිලෝමීටර ප්‍රමාණය අනුව නිර්නායකයන්ට යටත්ව මෙම මුදල් ගෙවීම් සිදුකරන බවත් මෙහි සාර්ථකත්වය මත එය මධ්‍යම පළාතටත් පසුව ජාතික මට්ටමටත් හඳුන්වාදීමට අපේක්ෂාකරන බවද හෙතෙම පැවසුවේය.

කුණ්ඩසාලේ ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙන මෙහෙයුමු මැදිරියකින් බස් රථ පාලනය කෙරෙන බවත් මගී ප්‍රවාහන වියදම් අඩුවීම,බස්රථ අතර පවත්නා අනවශ්‍යය තරඟකාරීත්වය නතරවීම,රාත්‍රී බස් සේවාව කාර්යක්ෂමවීම,බසයේ ආදායමෙන් කොටසක් රියදුරු කොන්දොස්තර වංචාකරන බවට ඇතැම් බස් හිමියන් නඟන චෝදනා නිමවීම ඇතුළු ගුණාංග රැසක් මෙම වැඩපිළිවෙළ තුළින් සමාජගත වනබවද ඒ මහතා ප්‍රකාශකළේය.

මෙම තොරුතුරු දැනුම්දීම සඳහා මධය්‍යය හමුවක් ඊයේ (13) මධ්‍යම පාළාත් ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැති අතර ඊට මධ්‍යම පළාත් ප්‍රවාහන,විදුලිබල හා මහමාර්ග ඇමැති එදිරිවීර වීරවර්ධන,අමාත්‍යාංශ ලේකම් ගාමීණී රාජරත්න, මහචාර්ය අමල් කුමාරගේ,මධ්‍යම පාළාත් ප්‍රවාහන අධිකාරීයේ සාමාන්‍යාධිකාරී අනුරුද්ධ ගල්පොත්තේගෙදර යන මහත්වරු සහභාගිවූහ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.