ඉතිහාසයේ මුල්ම වරට ආසියානු රග්බි ශුරතාවක් ලංකාවට

Rugby-Malaysia2මැලේසියන් ලීග් 20 න් පහළ  ආසියානු සත් සාමාජික රගබි  ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (31) සමත් විය. ඒ ඉතිහාසයේ මුල්ම වරට ආසියානු මට්ටමේ රග්බි ශූරතාවයක් දිනා ගනිමිනි.

අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 38 – 0 ලෙස ප්‍රභල දකුණු කොරියාව පරාජය කරමින් විශිෂ්ට ජයක් වාර්තා කළේය.  උත්සාහක දිනුම් 6 ක්, ප්‍රවර්ථන සහිත ගෝල 4 ක් සහිතව ඔවුහු මේ ලකුණු 38 වාර්තා කළහ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් බුද්ධිම ප්‍රියරත්න උත්සාහක දිනුම් 2 වාර්තා කළේය. ඔමල්ක ගුණරත්න, නිශෝන් පෙරේරා, කෙවින් ඩික්සන් හා විමුක්ති රාහුල එක් උත්සාහක දිනුම බැගින් ලබා ගත්හ. අවසන් මහා තරගයේ දෙවන අදියර ලබන 12 දා හොංකොංහිදී පැවැත්වීමට නියමිතය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.