ඔස්ට්‍රෙලියාවේ සියලුම පිතිකරුවෙක්ම ලකුණු අතරට…

Cricketඔස්ට්‍රෙලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවන දිනය වූ ඊයේ (19) තරගයේ සියලුම ගෞරව අත්පත් කරගත් ඔස්ට්‍රෙලියානු කණ්ඩායම කඩුලු 9 දැවී ලකුණු 431 රැස් කර ගත්තේය.
විශිෂ්ට පිතිකරණයක යෙදුණු ආරම්භක පිතිකරු ජෝ බර්න්ස් පන්දු 31 දී හතරේ පහර 6 හා එක් හයේ පහරක් සහිතව ලකුණු 72 ක් ද තරගාවලිය තමන්ගේ තරගයක් කරගන්නා බව සලකුණු කරන ස්ටීව් ඕකීෆ් ලකුණු 62 ක් ද නායක ස්ටීව් ස්මිත් ලකුණු 57 ක් ද රැස් කරගත්හ. ඕකීෆ් පන්දු යැවීමේදීද ලංකා පිතිකරුවන් අන්දමන්ද කරමින් ලකුණු 45 ට කඩුලු 5 දවා ගත්තේය. පොදුවේ සියලුම ඔස්ට්‍රෙලියානු පිතිකරුවන් ලකුණු අතරට එන ලකුණු පෙන්වා තිබිණි.
පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු ෂෙහාන් ජයසූරිය පන්දු ඕවර 29 යවා ලකුණු 109 ට කඩුලු 5 බිද හෙළුවේය. විමුක්ති පෙරේරා, නිසල් තාරක ගමගේ, චතුරංග සිල්වා සහ දසුන් ශානක එක කඩුල්ල බැගින් ලබා ගත්හ.
මේ වනවිට ඔස්ට්‍රෙලියානු කණ්ඩායම තවත් කඩුලු 1 අතැතිව ලකුණු 202 ක් ඉදිරියෙන් සිටී. අද තරගයේ අවසන් දිනයයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.