ඔස්ට්‍රෙලියාව සූදානම් බව පෙන්වයි…

Australian cricketer Stephen O'Keefe bats during a practice session at the R. Premadasa Cricket Stadium in Colombo on July 15, 2016. Australia and Sri Lanka play three Test, five One-Day Internationals and Two T20 series matches between July 26 and September 9, with the first Test played from July 26 at the Pallekele International Cricket Stadium in Pallekele. / AFP / ISHARA S.KODIKARA (Photo credit should read ISHARA S.KODIKARA/AFP/Getty Images)

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියාව අතර  කොළඹ සරා ඕවල්පැ ක්‍රීඩාංගනයේ පැවති තෙදින පුහුණු තරගයේ පළමු දිනයේ දී මුලින්ම පන්දුවට පහර දුනු ශ්‍රී ලංකා පිල පන්දු වාර 57.2 දී  ලකුණු 229 කට සියල්ලෝම දැවී ගියහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක පිතිකරුවන් අතරින්අසේලෙ ගුණරත්න අර්ධ ශතකයක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය. ඔහු පන්දු 106 දී හතරේ පහර 9 සහිතව ලකුණු 58 ක් වාර්තා කළේය. නායක මිලින්ද සිරිවර්ධන පන්දු 77 දී හතරේ පහර 7 සමග ලකුණු 53 වාර්තා කළේය.

චතුරංග ද සිල්වා පන්දු 59 දී හතරේ පහර 10 සහිතව වේගවත් ලකුණු 49 ක් ද දසුන් ශානක පන්දු 54 දී හතරේ පහර 3 සහ හයේ පහර දෙකක් සමග ලකුණු 39 ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ස්ටීව් ඕකීෆ් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දු ඕවර 12.2 දී ලකුණු 43 ට කඩුලු 5 බිද හෙලුවේය. මයිකල් ස්ටාර්ක්, ජැක්සන් බ්‍රිඩ්, කඩුලු 2 බැගින්ද, නේතන් ලියෝන් එක් කඩුල්ලක්ද ලබා ගත්තේය.

පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රෙලියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 127 ලබා සිටියේය. ජෝ බර්න් ( ලකුණු 64 ) හා උස්මාන් කවාජා ( ලකුණු 11) ලබාගෙන නොදැවි ක්‍රීඩා කරමින් හිදී. ෂොන් මාර්ෂ් හතරේ පහර 9 සහිතව ලකුණු 47 ක් ලබා සිටියදී දැවී ගියේය.

ඊයේ ශ්‍රී ලංකාව ලබාගත් එකම කඩුල්ල ලබා ගත්තේ ශෙහාන් ජයසූරිය විසිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.