ක්‍රිකට් ක්‍රීඩකයින් වැටුප් කප්පාදුවට එකඟ වෙති

Cricket-and-moneyශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ජාතික ක්‍රිකට් කණ්ඩායමට අදාළ සංචිතයේ ක්‍රීඩකයන් තිස්දෙනකු සමඟ ගිවිසුම් අත්සන් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවසීය. දක්ෂතාවයට අනුව බෝනස් ගෙවීමේ වැඩ පිළිවෙලට ක්‍රීඩකයින් කති වූ බවයි සුමතිපාල පැවසුවේය. එළැඹෙන සිම්බාබ්වේ ක්‍රිකට් තරගාවලිය සඳහා හෙට (23) ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්වීමට නියමිතය.

වාර්තා වන පරිදි ජාතික කණ්ඩායමට අදාළව කොන්ත්‍රාත්තු අස්සන් කිරීමට ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, කුසල් මෙන්ඩිස්, කෞෂාල් සිල්වා, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, දිල්රුවන් පෙරේරා, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දිමුත් කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ලක්‍ෂාන් සඳකැන්, ජෙෆ්රි වැන්ඩර්සේ, ළහිරු තිරිමාන්න, මිලින්ද සිරිවර්ධන, ධනුෂ්ක ගුණතිලක, ලසිත් මාලිංග, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, සචිත්‍ර සේනානායක, සචිත් පතිරණ, උපුල් තරංග, ධම්මික ප්‍රසාද්, ඇන්ජිලෝ පෙරේරා, තිසර පෙරේරා, රොෂේන් සිල්වා, අමිල අපෝන්සු, සීක්කුගේ ප්‍රසන්න හා ෂාමින්ද එරංග යන ක්‍රීඩකයන් 30 දෙනා තෝරාගෙන ඇත.

මෙම ක්‍රීඩකයන් 30 දෙනාද කාණ්ඩ 5ක් යටතේ වර්ගීකරණය කොට ඔවුන් සමඟ ගිවිසුම්ගත වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන අතර පළමු කාණ්ඩය යටතේ එසේ වැඩිවීම් සහ අඩුවීම් කොන්ත්‍රාත්තු අස්සන් කරන ක්‍රීඩකයන්ට ගෙවනු ලබන වාර්ෂික දීමනාව ඇමෙරිකානු ඩොලර් එක්ලක්‍ෂ විසිපන්දහසකි.

මෙම මුදල් ප්‍රමාණය පසුගිය පෙබරවාරියේදී අවසන් වූ 2015 – 16 වසරේ ගිවිසගත් මුදල වන ඩොලර් එක්ලක්‍ෂ හැටපන් දහසට වඩා අඩුවී ඇත. කණ්ඩායම ටෙස්ට් තරගය ජයග්‍රහණය කළහොත් ක්‍රීඩකයකුට ලැබෙන මුදල ඩොලර් දසදහස දක්වා වැඩිවනු ඇත.

ටෙස්ට් තරගයකදී හා ජාත්‍යන්තර එක්දින තරගයකදී ලකුණු 100ක් ලබාගත් පිතිකරුටත් කඩුලු 5ක් ලබාගන්නා පන්දු යවන්නකුටත් අමතර ඩොලර්ප න්දහසක් උපයාගත හැකිය.

එහෙත් විස්සයි – 20 තරගයකදී එම දක්‍ෂතාවන්ට ලැබෙන ප්‍රසාද දීමනාව ඊටත් වඩා වැඩිය. එනම් විස්සයි – 20 ජාත්‍යන්තර තරගයකදී ලකුණු 100කට ඩොලර් හත්දහස් පන්සීයක්ද , කඩුලු 5කට ඩොලර් හත් දහස් පන්සීයක්ද ලැබෙනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.