කාන්තා 20 විස්ස ජය ගුවන් හමුදාවට

Womens-T20කොළඹ සීසීසී ක්‍රිඩාංගනයේ දී අද (17) පැවති අන්තර් සමාජීය 20 විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ජය ගන්නට   ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත් වුණේය. අවසන් මහා තරගය පැවතුනේ නාවික හමුදාව හා යුද හමුදාව අතරය.  කාසියේ වාසිය දිනූ යුද හමුදා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට ගුවන් හමුදා කණ්ඩායමට ආරාධනා කළේය.  ඒ අනුව ගුවන් හමුදා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 දැවී ලකුණු108 ලබා ගත්තේය. ගුවන් හමුදාව වෙනුවෙන් යශෝධා මෙන්ඩිස් ලකුණු 36 ක් ද, ඩිලානි මනදරා ලකුණු 24 ක් ලබා ගැනීමට සමත් වූහ. පන්දු යැවීමේදී යුද හමුදාව වෙනුවෙන් ලක්මාලි මෙත්තානන්ද ලකුණු 24 ට කඩුලු 4 බිඳ හෙලුවාය.

ලකුණු 109 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය යුද හමුදා කණ්ඩායමට පන්දුවාර 10 යි පන්දු 5 ක දී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 33 පමණි. අද දිනයේදී යුද හමුදා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් එක් අයෙකුටවත් ලකුණු 10 සීමාව පසු කරන්නට නොහැකි විය. ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් සදීපා අතුකෝරාළ ලකුණු 9 ට කඩුළු 5 බිඳ හෙලුවාය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.