කිම්කෝ රහීම් විසිවෙයි… ලබා ගත්තේ 28 වැනි තැන

ඊයේ රාත්‍රියේ රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ දී ශි‍්‍ර ලංකාව පළමු ඔලිම්පික් බලාපොරොත්තුව සුන් වුනේය.

ඒ මීටර් සියය පසුපස ආර කාන්තා පිහිනුම් ඉසව්වට එක් වූ කිමිකෝ රහීම් දෙවැනි මූලික තරගයේදී  විනාඩි 1.04.21 ලෙස තරගය නිම කරමින් සිවුවැනි ස්ථානයට පත් වීkimko raheemමෙනි. මේ තරගයේදී ඇය සිය හොදම කාලයවත් වාර්තා නොකලාය. එම තරග නිමි කාලය ඇයට අවසන් පූර්ව වටයට පිවිසීමට තරම් ප‍්‍රමාණවත් වූයේ නැත.

කෙසේ වෙතත් කිමිකෝ රහීම් තායිලන්තයේ දී, ඉකුත්දා මෙම දක්ෂතාවට වඩා හොඳ කාලයක් වාර්තා කර තිබිණි. එහිදී විනාඩි 1.02.63ක දක්ෂතාවක් ඇය විසන් වාර්තා කෙරිනි. එය ඇයගේ   හොඳමපෞද්ගලික  දක්ෂතාවය විය. එය නව ශී‍්‍ර ලංකා වාර්තාවක්ද විනි.

තවද කිමිකෝ රහීම් ඉකුත් 12 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී විනාඩි 1.03.78ක දක්ෂතාවක් දැක්වූවාය. මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී එම දක්ෂතාවට ළඟාවීමටත් ඇයට හැකි වූයේ නැත.

රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ මීටර් සියය පසුපස ආර කාන්තා පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරග සඳහා කී‍්‍රඩිකාවන් 34 දෙනෙකු තරග වැදුණි.. ඉන් 16 දෙනෙකු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ. කාල ගණනය අනුව කිමිකෝ රහීම්ට එම ඉසව්වේ හිමිවූයේ 28 වැනි ස්ථානයයි.

අමෙරිකාවේ බේකර් කෙත්ලින් එම ඉසව්වේ හොඳම කාලය වාර්තා කළාය. එය තත්පර 58.84කි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.