ගාල්ල තරගයේ මහා බලාපොරොත්තුව රංගන…

ranganaඔස්ටේ‍්‍රලියාව සමගින් වන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය  හෙට (04 දා) ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වේ.

මේ වන විට ලංකාව පසුවන්නේ  1-0 ක් ලෙස ජයග්‍රහණ ලබගෙන පෙරමුණේ ය.      අදින් ආරම්භ වන ටෙස්ට් තරගයද ජයගතහොත් මෙතෙක් එක් ටෙස්ට් තරග ජයග‍්‍රහණයක් පමණක් වාර්තා කරමින් ශ‍්‍රී ලංකාව තබා තිබෙන වසර 17 ක ටෙස්ට් තරග ජයග‍්‍රහණයේ වාර්තාව බිඳ වැටේ.

ශ‍්‍රී ලංකාව අවසන් වරට ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ටෙස්ට් තරග ජයක් වාර්තා කරගෙන ඇත්තේ 1999 වසරේදීය.   එය වත්මන් ශ‍්‍රී ලංකා පිලේ විශිෂ්ටම දඟ පන්දු යවන්නා වන රංගන හේරත්ගේ මංගල ටෙස්ට් තරගාවලිය ය. ලකුණු 103 කට කඩුලූ 09 ක් බිඳ හෙළමින් ශ‍්‍රී ලංකා ජයග‍්‍රහණයට උරදුන්   රංගන හේරත්ට අද තරගය වැදගත් වන්නේ ගාල්ල තණතීරුවේදී ඔහු දක්වා තිබෙන දක්ෂතා ගෙන බැලීමේදීය. අවසන් වරට ගාල්ලේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරගයේදී කඩුලූ 10 ක් දවා ගැනීමට රංගන සමත් විය. ඊට පෙර ඉන්දියාව සමග පැවැති තරගයේදීද  ඔහු ලකුණු 48 කට කඩුලූ 7 ක් දවා ගත්තේය.

එහෙත් ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අවසන් වරට ගාල්ලේ මුණ ගැසුණු අවස්ථාවේදී තරගයේ ජය ඔස්ටේ‍්‍රලියාවට  හිමි විය.

අද තරගයේදී ශ‍්‍රී ලංකාවට පළමු තරගයට ක‍්‍රීඩා කළ දිමුත් කරුණාරත්න වෙනුවට රොෂේන් සිල්වා යොදා ගැනීමේ සූදානමක් පැවැති නමුත් පළමු තරගයට ක‍්‍රීඩා කරන ලද ජයග‍්‍රාහී සංයුතියම අද තරගයටත් යොදා ගැනෙනු ඇතැයි තරගය ගැන කළ කතාවේදී මැතිව්ස් ඉඟි කළේය.

වෙනසක් සිදුවුවහොත් පළමු තරගයට ක‍්‍රීඩා කරන ලද එකම වේග පන්දුයවන්නා වූ නුවන් ප‍්‍රදීප් වෙනුවට වමතින් වේග පන්දු යවන විශ්ව ප‍්‍රනාන්දුව යොදා ගැනීමේ සූදානමක් ගැන පෙනෙන්නට ඇත.

‘‘හෙට කණ්ඩායම නම් කරන්න අපි උදෑසන තෙක් බලාගෙන ඉන්නවා… අපට  උදෑසන   පුහුණුකරුවන් කියන්නේ මොකද්ද කියලා බලාගෙන ඉන්න වෙනවා. අපි ගාව විශ්ව ප‍්‍රනාන්දු ඉන්නවා. නුවන් ප‍්‍රදීප්ගේ ආබාධිත තත්ත්වය නිසා ඔහුට ක‍්‍රීඩා කරන්න බැරි වුණොත් විශ්ව ප‍්‍රනාන්දු ක‍්‍රීඩා කරාවි.” යැයි මැතිව්ස් කීවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.