ජයග්‍රහණය කළා තමයි… ඒත් ඉදිරි තරග වලදී කණ්ඩායමේ අවශ්‍ය වෙනස්කම් කරනවා..

 

mathewS 1-1තේරීම් කමිටුවත් සමග සාකච්ඡා කර අවශ්‍යනම් ඉදිරි තරගයේ දී කණ්ඩායමේ වෙනස්කම් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිවුස් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද ( 30) ඔස්ට්‍රෙලියාව පරදා පල්ලෙ කැලේ පැවති  පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණයෙන් අනතුරුව  මාධ්‍ය අමතමිනි. ආරම්භක පිතිකරුවන් ඇතුළු ඉදිරිපෙළ බිඳවැටීම කණ්ඩායමට විශාල හානියක් බවත්, අලුත් පන්දුවෙන් ඉතාම හොඳ දෝලනයක් ලබා ගන්නා ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ට මුහුණ දීමට ශක්තිමත් ආරම්භයක් අවශ්‍ය බවත් ඔහු පැවසුවේය. මැතිවුස් මෙසේ කීවේය.

පහුගිය මාස 6 7 තුළදී අපි හොඳින් ක්‍රීඩා කළේ නෑ… අපි ඒක දන්නවා. එය කොමපමණද කියනවා නම් ක්‍රීඩා ලෝලීනුත් අපෙන් ඈත්වෙන තත්වයක තිබුණේ. ක්‍රීඩකයින් වශයෙන් අපට එය තේරෙනවා. අපි හොඳින් තරග කරනකොට හැමෝම අපට ආදරෙයි. නමුත් අපි තරග පරදිනකොට ඒ අයටත් යම් කිසි දුකක් ඇතිවෙනවා.  ක්‍රීඩා ලොලීන්ට අප කළ හොඳම දේ තමයි මේ තරගය ජයග්‍රහණය කරපු එක.  මේක    අපේ කණ්ඩායමට හොඳ අත්දැකීමක්.

පහුගිය මාස කීපය තුළදී හුඟක් දක්ෂ ලාබල ක්‍රීඩයකින් අපි ලංකා කණ්ඩායමට ගෙනාව. පහුගිය දවස්වල ගුටි කෑව තමයි. දැන් ඉස්සරහට යනකොට ඒ ආත්ම විශ්වාසය එක්ක යන්න ගමනක් තියනවා. කුසල් මෙන්ඩිස්ට සෑහෙන ආත්ම විශ්වාසයක් එන්න ඕනි ඒ ලකුණු 176 සමග. ඔහු ඉතාම හොඳ කණ්ඩායමකට එරෙහිවයි ඒ ලකුණු ලබා ගත්තෙ. ඒ වගේම සඳකැන් කඩුලු 7 ක් ලබා ගත්තා. තරඟයෙදි ඉතාම හොඳට පන්දු යැවුවා.  මේක ඉතාම වටිනා දෙයක්. ආරම්භක පිතිකරුවන් යුවල ටෙස්ට් තරගයකදී ඉතාම වටිනවා.

කුසල් මෙන්ඩිස්, ධනංජය, චන්දිමාල්, රංගන හේරත් හැර පිතිකරුවන් ලෙස    අනික් සියලුම දෙනාම අසාර්ථකයි. ආරම්භක පිතිකරු යුවල අපට සෑහෙන්න වටිනවා. බෝලය ස්විං වෙනකොට ඉතාම හොද පන්දු යවනවා අලුත් පන්දුවෙන්. පුලුවන් තරම් අවස්ථාව දෙනවා. කණ්ඩයමත් එක්ක ඉන්න බලනවා. අවශ්‍ය උනොත් වෙනස්කම් කරන්නත් ලෑස්තියි.

ඔහු කීවේය. මේ සියල්ල විචාරශීලීව දකිනවිට යමක් නොසිතා බැරිය. මුරලි සිටි වසර ගණන තුළ රංගන සිටියේ කණ්ඩායමෙන් එළියේය. රංගනගේ ක්‍රීඩා පෞරුෂය කොපමණදැයි දකින විට ඔහු වයසට ගොස්ය. සංගාත් මහෙලත් කණ්ඩායමට කළ අප්‍රමාණ සේවය ගැන වඩාත් දැනුනේ ඔවුන් කණ්ඩායමෙන් ඉවත්ව ගිය පසුය. එහෙත් ඒ දශක ගණන තුළ කුසල් මෙන්ඩිස්ලා කී දෙනෙක් කණ්ඩායමේ දොරට තට්ටටු කරමින් ඉන්නට ඇත්දැයි දන්නේ නැත. ඔවුන් හදුනාගෙන නිසි කළමණාකරණයක් කිරීමේ වැඩ පිළිවෙලක් තිබුණා නම් ලංකාවේ ක්‍රිකට්  පහුගිය වකවානුවේ මෙන් කුජීත වෙන්නේ නැත. ලබාගත් ජයග්‍රහණයෙන් අන්ධ නොවී රටට ගැලපෙන ක්‍රිකට් නොව, ලෝකයට පෑහෙන ක්‍රිකට් සොයා යා යුතුව තිබේ. දැන් එළඹ ඇත්තේ ඒ සඳහා ප්‍රවේශයකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.