තවත් මොන ක්‍රිකට් ද?

cc

ශ්‍රී ලංකා සභාපතිගේ පිල සහ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අතර පී සරා ඕවල් පිටියේ පැවති තෙදින පුහුණු තරගයෙන් ඉනිමක හා ලකුණු 162 ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගැනීමට ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අද (20) සමත් වුනේය.

තරගයේ දෙවන දිනය වූ ඊයේ (19) සිට තරගයේ සියලුම ගෞරව අත්පත් කරගත් ඔස්ට්‍රෙලියානු කණ්ඩායම ඊයේ තරගය අවසන් කරන විට කඩුලු 9 දැවී ලකුණු 431 රැස් කර ගෙන සිටියේය. අද අවසන් කඩුල්ලවෙනුවෙන් ඔස්ට්‍රෙලියාව තවත් ලකුණු 43 ක් රැස් කරගත්තේය. අවසන් පිතිකරු ලෙස පිටියට පැමිණි ජැක්සන් බ්‍රිඩ් හතරේ පහර 4 ක් හා එක් හයේ පහරක් සමග ලකුනු 32 ක් රැස් කළේය.

ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක යෙදුණු ආරම්භක පිතිකරු ජෝ බර්න්ස් පන්දු 31 දී හතරේ පහර 6 හා එක් හයේ පහරක් සහිතව ලකුණු 72 ක් ද තරගාවලිය තමන්ගේ තරගයක් කරගන්නා බව සලකුණු කරන ස්ටීව් ඕකීෆ් නොදැවී ලකුණු 78ක් ද නායක ස්ටීව් ස්මිත් ලකුණු 57 ක් ද රැස් කරගත්හ. පළමු ඉනිමේදී ඕකීෆ් පන්දු යැවීමේදීද ලංකා පිතිකරුවන් අන්දමන්ද කරමින් ලකුණු 45 ට කඩුලු 5 දවා ගත්තේය.

දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ස්වකීය ලදරු ක්‍රීඩා විලාශය පෙන්වා සිටියේ බලා සිටින උදවියටත් ලජ්ජා හිතෙන අයුරිනි. දෙවැනි ඉනිමේදී ක්‍රීඩකයන් හය දෙනෙක් ලකුණු 5 සීමාව නොඉක්මවූහ. ශෙහාන් ජයසූරිය ලකුණු 29 ක් හා අසේල ගුණරත්න ලකුණු 23 ක් ලබාගත්හ. නායක මිලින්ද සිරිවර්ධනත් ලකුනු 2 දැවී ගියේය. අවසන් පිතිකරු වූ දිල්හාර ප්‍රනාන්දු ලකුණු 15 රැස් කළේය. මාධව වර්ණපුර ආබාධයකට ලක්ව පිතිකරණයට පැමිණියේ නැත. ලංකාවේ අනාගත ක්‍රිකට් සම්පත් දුසිම දුක හිතෙන අයුරින් ලකුනු 83 දැවී ගියේය. දින 3 ක දීවත් දෙවරක් නොදැවී සිටින්නට තමන්ට බැරි බව ඔවුන් ලෝකයට කීවේය. ක්‍රිකට් සදහා ස්වයං විවේචනයක අවශ්‍යතාවය ඔවුන් අපට පෙන්වා දුන්නේය.

අප  ඊයේ කී පරිදිම ස්ටීවන් ඕකීෆ් නැමැති විශිෂ්ට පා දගපන්දු යවන්නා මේ තරගය තමන් අතට ගත්තේය. නොදැවී ලකුණු 78 ක් රැස් කළ ඔහු දෙවන ඉනිමේදීත් මනරම් පන්දු යැවීමක යෙදෙමින් පන්දු වාර 6.5 ක් පමණක් යවමින් ලකුණු 21 ට කඩුලු 5 ක් බිද හෙලුවේය. යැවූ පන්දු ඕවර 6.5 න් ඕවර 3 ක් නිලකුණු ඕවර සේ සටහන්ව තිබිණි. මුලු තරගයේදීම ඔහු ලකුණු 66 ට කඩුලු 10 බිද හෙලා තිබිණි.

මයිකල් ස්ට්‍රාක් ලකුණු 21 ට කඩුළු 2 ද, නේතන් ලියෝන් ලකුණු 14 කඩුළු 2 ක් බිද හෙළුහ. ලංකා සභාපතිගේ කණ්ඩායම සිය දෙවන ඉනිම පන්දු ඕවර 20 පන්දු  දී නිමා කළහ. ඊයේ ( 19)ලංකාව වෙනුවෙන් බලාපොරොත්තු සහගත පන්දු යැවීමක යෙදුණු ෂෙහාන් ජයසූරිය පන්දු ඕවර 29 යවා ලකුණු 109 ට කඩුලු 5 බිද හෙළුවේය. විමුක්ති පෙරේරා, නිසල් තාරක ගමගේ, චතුරංග සිල්වා සහ දසුන් ශානක එක කඩුල්ල බැගින් ලබා ගත්හ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.