දැන් මං ද්‍රෝහියෙක් ලු… එත් ‍මේකයි ඇත්ත… මුරලි කතාකරයි…

Muttiah_Muralitharan2ඔස්ට්‍රෙලියාව මට එදා කරපු දේවල් හොඳට මතකයි. එදා ඔවුන් මාව මුලු ලෝකය ඉදිරිපිටම ගර්හාවට ලක් කළා. මේ රටේ මිනිස්සු එදා මං වෙනුවෙන් කැප උනා. ඒ හැමදේම මගේ ඔලුවෙ තියනවා. අද ඔවුන්ට මගෙන් දග පන්දු යැවීමේ උපදෙස් ලබා ගන්න වෙලා තියනවා. එය දෛවෝපගත සිදුවීමක්. ඔවුන් දැන් පිළිගන්න වෙනවා මං නිර්දෝෂයි කියලා. ඔවුන්ට දැන් තේරෙන්න ඕන එදා ඔවුන් මට චෝදනා කළේ බොරුවට කියලා…

මුත්තයියා මුරලිදරන් කීවේය. ඔහු සිය කතාව කියුවේ මෙසේය.

ලංකාව මගේ මවු රට. මං කවාදාවත් මගේ උපන් රටට ද්‍රෝහි වෙන්නෙ නෑ. මං ක්‍රීඩා කළේ මගේ රටට. ඒත් මගෙ රට මගේ සේවය පුහුණු කරුවෙක් ලෙස හෝ උපදේශකයෙක් ලෙස බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ නිසා   ඔස්ට්‍රෙලියාවෙ ඉල්ලීම පිට මං දින දහයක් පුහුණුකරුවෙක් ලෙස මගේ රැකියාව කරනවා. දවස් දහයක් මගේ රස්සාව කළාම මගේ උපන් රටට මං ද්‍රෝහියෙක් උනේ කොහොම ද?.

ඇත්තනම් මට මේ තරගාවලිය පුරාම ඔස්ට්‍රෙලියානු දග පන්දු පුහුණුකරුවා ලෙස සේවය කරන්නයි ආරාධනා කළේ. ඒත මගෙ රටට එරෙහිව ඔස්ට්‍රෙලියාව ක්‍රීඩා කරනකොට මට අනිත් පැත්තෙ ඩ්‍රෙසින් රූම් එකේ ඉන්න බෑ. ඒ නිසා මං කිවුවා තරගාවලිය පටන්ගන්න කලින් අවශ්‍යනම් දවස් 10 ක් එයාලා එක්ක වැඩ කරන්නම් කියලා. මේ අය මාව ද්‍රෝහියෙක් කළේ ඒකට.

චරිතුයි තිලංගයි මීඩියාවලට කියන්නෙ පට්ට බොරු…   

‘‘දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු චරිත් සේනානායක කිය කිය ඇවිදිනවා මට ඕන විදිහට සරා පිට්ටනියෙ විකට් එක හැදුවා කියලා. සරා එක මං ක්‍රීඩා කරපු ක්ලබ් එකේ පිට්ටනිය. එහෙම උනා කියලා ඒ විකට්එක මට ඕන විදිහට හදන්න මං කවුද?. ඒ අය මට ආදරෙයි තමයි. ඒත් අමතක කරන්න එපා … ඔවුන් රටටත් ආදරෙයි. ” .

“ චරිත් සේනානායක කියන්නෙ ශ්‍රී ලංකා සභාපතිගෙ පිල පැරදුනේ මට ඕන විදිහට විකට් එක හදපු නිසාල‍ෙ. මං මේ පුද්ගලයගෙන් ඇහුවෙ මගෙන් හරි විකට් එක හදපු සම්පත්ගෙන්හරි අහන්නෙ නැතිව තැන තැන බොරු කිය කිය ඇවිදිනේ මොකද කියලා. ඔන්න ඕකයි උනේ. මේ අය මං ඔවුන් සමග මහා ගැටුමක් ඇති කරගත්තා කියන්නෙ ඔය සිද්ධියට.

චරිත් එහෙම කියනවා නම් ඇයි මට චරිත්ගෙන් ඒ ගැන අහන්න බැරි. චරිත් සහ මම එකට සෙල්ලම් කරපු අය. චරිත් කියන කතාව කිසිම හෙවිල්ලක් නැතිව, මගෙන් අහන්නෙ නැතිව තිලංගත් මීඩියාවලට ලොකුවට කියනවා. මං කියන්නෙ මේ අය අපේ රටේ ඉන්න හොද පුහුණුකරුවන් සේවයට ගන්නෙ නැතිව ඉන්නඑක ගැන මුලින්ම හොයන්න ඕන කියලයි..”

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.