දිල්රුවන්ට වැඩ පෙන්වන්න අවස්ථාව ලැබෙන විට ඔහු වයසට ගොස්ය…

Sri Lanka Australia Cricketමහවඩුගේ දිල්රුවන් පෙරේරා නැවත ක්‍රියාත්මක වී සිටින්නේය. 34 හැවිරිදි දිල්රුවන් පෙරේරා වයසට ගිය පසු හෝ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට කැදවීමේ වාසනාව අද අප දැක්කේය. ඒ ඉතිහාසයේ මුල්ම වරට අඩුම තරග සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලු 50 සම්පූර්ණ කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වශයෙනි. ඉනිමක කඩුලු 6 ක් හා ලකුණු පනහක් ලබා ගත් මුල්ම ටෙස්ට ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙනි.

දිල්රුවන් ඉපදුනේ වර්ෂ 1982 ජුලි මස 22 දාය. ගම පානදුරේය. පාසල් ගියේ පානදුර ශ්‍රී සුමංගලයටය. මේ වනවිට ඔහු නියෝජනය කරන්නේ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ය. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් යනු කවරෙක්දැයි දිල්රුවන් රටට කියා දුන්නේය. දිල්රුවන්ගෙන් ඉගෙන ගන්නට බොහෝ දේ ඇතැයි සිතෙන නිසා මේ සටහන තබන්නේය.Dil 2

දකුණත් ඕෆ් බ්‍රේක් පන්දු යවන දිල්රුවන්  මුල් වරට ශ්‍රී ලංකාව නියෝජනය කළේ 2004 හොංකොං සය සමාජික ක්‍රිකට් තරග වෙනුවෙනි. එතකොට දිල්රුවන්ගේ වයස අවුරුදු 22 කි. ඊට අවුරුදු 3 පසු ඔහු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට ඇතුලු වන්නට වරම් ලැබුවේය.

මුල්ම වරට ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහු ඇතුළත් වන්නේ   වර්ෂ 2007 ඔක්තොම්බර් 13 දීය. එක් දින තරගාවලියේ දී තමන්ට ලැබුණු මුල්ම තරගයේදී  එංගලන්තයට එරෙහිව   ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණෙන ඔහු   ලකුණු 30 ක් ලබා ගත්තේය.

දිල්රුවන්ට ටෙස්ට් වරම් ලැබෙන්නේ ඊටත් වසර 7 පසුවය. ඒ වනවිට ඔහු තිස් දෙහැවිරිදිය.  වර්ෂ 2014 ජනවාරියේ ඔහු සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී විය. ඒ සාජා හිදී පකිස්තානයට එරෙහිවය. දිල්රුවන් ඒ තරගයේ පන්දුවට පහර දෙන්නට පැමිණියේ 8 වැනියා ලෙසය. මංගල ටෙස්ට් තරගයේ 8 වැනියා ලෙස පැමිණ  එදා ඔහු ලකුණු 95 ක් ලබා ගත්තේය. සංගලා මහේලලා හතර අතේ වනන ඒ වකවානුවේ අපේ කණ්ඩායමේ   පළමු  වැඩිම ලකුණු ලාභියා වූයේ දිල්රුවන්ය. තරගාවලියේදී කඩුලු 5 ලබා ගනන්ටත් ඔහු සමත් විය. විටින් විට විසිවෙමින් යළිත් ඇතුළට එමින් සිටි දිල්රුවන්   ටෙස්ට් සංචිතයට කැදවනු ලැබු    සෑම මොහොතකම ඔහු තම අති විශිෂ්ට හැකියාව ප්‍රදර්ශනය කළේය.

වර්ෂ 2014  බංගලාදේශයේ ඩකා නුවර දී පැවැත්වුණ සිය දෙවන ටෙස්ට් තරගයේදී ඔහු මුල්ම වරට කඩුලු 5 බිද හෙලුවේය. එදා ඔහු කඩුලු 5 බිද හෙලුවේ ලකුණු 109 ටය. සිය 5 ටෙස්ට් තරගයේදී ලකුණු 69 කඩුලු 5 බිද හෙලන්නට දිල්රුවන්ට හැකි විය. තරගය පැවැත්වුනේ කොළඹ එස්.එස්.සී පිටියේය. නැවත ගාල්ලේ පැවති සිය 6 වන තරගයේදී ඔහු පකිස්තානයට එරෙහිව ලකුණු 137 ට කඩුලු 5 බිද හෙලුවේය.

ගාල්ලේ අද අවසන් වූ ඓතිහාසික තරගයේදී දිල්රුවන් යළිත් ක්‍රියාත්මක විය. මේ ඔහුගේ 11 වන තරගය වූයේය. මුල් ඉනිමේ කඩුලු 4 ක් හා දෙවන ඉනිමේ කඩුලු 6 බිද හෙලූ දිල්රුවන් දෙවන ඉනිමේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා විය. ඔහු තරගයේ ඉනිම දෙකේදීම ඔහු කඩුලු 10 බිද හෙලුවේ ලකුණු  99 ටය. තරගයේ වීරයාත් ඔහුය.    මේ වනවිට දිල්රුවන් ටෙස්ට් කඩුලු කඩුලු 55 ලබාගෙන තිබේ. ඒ තරග 11 දීය.

රංගනට දැන් 40 ලගය. රංගන වෙනුවට ආදේශකයක් සේ පෙනෙන දිල්රුවන්ටත් දැන් වයසය. අවුරුදු 34 ය. වැඩ පෙන්නන්ට පටන් ගැනීම සදහා අවස්ථාව ලැබෙනවිට  වයස අවුරුදු 34 පැනලා නම් කොතැන හෝ අවුලක් ඇත්තේය. දිල්රුවන් ආරම්භක පිතිකරුවෙකි. ඔහු සිය මංගල එක්දින තරගයට සහභාගී වන්නේත් ආරම්භක පිතිකරුවෙක් ලෙසය. එහෙත් මෙලෝ රහක් නැති දිමුත් කරුණාරත්නලා  කණ්ඩායමට රිවට් වෙලාය. තිසර පෙරේරා තුන් ඉරියව් ක්‍රීඩකයෙක් බව කියමින් කණ්ඩාමේ තියාගෙන රට කාලයක් තිස්සේ ජාති ණයක් ගෙව්වේය. චමින්ද වාස්ට පසුකාලීනව කෙළවී ගියේ තිසරලා බෝල්ට් ඇණ ලෙස කණ්ඩායමේ රවට් වීම ගැන විද්‍යාත්මකව පෙන්වා දෙන්නට ගිය නිසාය. තත්වය එසේ තිබෙද්දී දිල්රුවන්ලා කණ්ඩායමෙන් පිට සිට වයසට ගොස්ය.  අවුල මෙතැනය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.